නවතම පුවත්

සම්පත් බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට සහන රැසක්

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්යතා හඳුනාගනිමින් ඊට අවශ්ය සේවාවන් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි.

සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්වය තුළ සුලු හා මධ්ය පරිමාණ අංශයන්හි වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්රවාහන හා තොරතුරු තාක්ෂණ ඇතුලු ව්යාපාර රැසක් වෙනුවෙන් මාස 6ක ණය සහන කාලයක් සම්පත් බැංකුව විසින් ලබා දී ඇත. තවද ව්යාපාරයන් නැවත නගා සිටුවීම වෙනුවෙන් ව්යාපාර කාරක ප්රාග්ධන අවශ්යතා සඳහා 4% පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් සළසා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.
අගරු චෙක්පත් මෙන්ම ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සඳහා 2020.09.30 දක්වා ගාස්තු අය නොකිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ඇති අතර රුපියල් 500,000කට අඩු වටිනාකමකින් යුත් චෙක්පත් සඳහා වන වලංගු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන ඇත.

එසේම සුලු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට තව දුරටත් සහනයක් වෙමින් සම්පත් ලීසිං පහසුකම් යටතේ ලබා ගත් ත්රිරෝද රථ, පාසල් සේවා වෑන් රථ, ලොරි රථ, කුඩා ප්රමාණයේ භාණ්ඩ ප්රවාහන වාහන සහ බස් රථ සඳහා මාස 6ක සහන කාලයක් ලබා දීමට සම්පත් බැංකුව පියවර ගෙන ඇත. ඊට අමතරව ස්වයං රැකියාවන්හි නියුතු වූවන් විසින් ලීසිං පදනම යටතේ මිලදී ගෙන ඇති යතුරු පැදි හා කුලී රථ (ටැක්සි) සඳහා ද මාස 6ක සහන කාලයක් මේ යටතේ හිමිවේ. සම්පත් ලීසිං හරහා ලබාගත් පෞද්ගලික ලීසිං පහසුකම්වල ලක්ෂ 10කට අඩු වාරික ගෙවීම් සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.

රට තුළ පවතින අර්බුධකාරී තත්වය හේතුවෙන් සම්පත් බැංකුව මඟින් ලබා දී තිබෙන රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය සඳහා මාස 3ක සහන කාලයක් හිමි කර දීමට මෙහිදී සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය ලබා ගෙන ඇති සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට තම ණය වාරික ගෙවීම වෙනුවෙන් මාස 3ක සහන කාලයක් හිමිවනු ඇත.

මේ මොහොතේ සම්පත් කාඞ්පත් හිමියන්ට ද ඉමහත් සහනයක් හිමිකර දී ඇති සම්පත් බැංකුව රුපියල් 50,000ක වටිනාකමින් යුත් සම්පත් බැංකු ක්රෙඩිට් කාඞ් පත් සඳහා 15%ක උපරිම පොලී අනුපාතයක් ලබා දෙමින් අවම මාසික ගෙවීම 50%කින් අඩු කිරීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. එම සහනය 2020. අප්රේල් මස අවසන් වන තුරු ක්රියාත්මක වේ.

එසේම 2020.09.30 දක්වා ක්රෙඩිට් කාඞ් පත් ගෙවීම් වෙනුවෙන් කිසිඳු ප්රමාද ගාස්තුවක් අය නොකිරීමටද සම්පත් බැංකුව තීරණය කොට ඇත.

මීට අමතරව මේ මොහොතේ දුෂ්කරතාවයට පත්ව සිටින සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ජංගම ස්වයංක්රීය ටෙලර් යන්ත්ර (Mobile ATM) පහසුකම්ද සළසා දීමට පියවර ගෙන ඇත.

බැංකුවට හෝ නගරයේ ස්යංක්රීය ටෙලර් යන්ත්රය වෙත නොගොස් තමන්ගේ නිවස අසලට පැමිණෙන ජංගම ස්වයංක්රීය ටෙලර් යන්ත්ර තුළින් මුදල් ලබා ගැනීමට මෙන්ම මුදල් තැන්පත් කිරීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්