නවතම පුවත්

වෛරස පාලනය ගැන ප්‍රංශ නාහිමිගේ ප්‍රසාදය

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

කොරෝනා වෛරස පාලනයෙන් ලංකාව ඉහළින්ම සිටින බව ලෝක නායකයන් පවා අද පිළිගෙන ඇතැයි ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක,ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ ද කළම්බො එක්ස්ප්‍රස් ‌වෙත පැවසුහ.
ප්‍රංශයේ සිට ….පුවත් සේවයට ප්‍රකාශයක් කළ චන්දරතන නාහිමියෝ කියා සිටියේ ප්‍රංශය වැනි දියුණු රටවකවත් අද ලංකාවේ සිදුකෙරෙන ආකාරයේ වෛරස පාලන වැඩ පිළිවෙළක් නැති බවයි.
කොරෝනා වෛරසය අපි හිතනවාට වඩා භයානකයි.ප්‍රංශයේ වෙසෙන ජනතාවට රජය නියම කර තිබෙන්නේ තමන්ගේ නිවෙස්වලටම යෙලා ඉන්න කියලයි.එසේ අනවසරයෙන් එළියටයන අයට යුරෝ 200ක දඩයක් ගහනවා.කොරෝනා වෛරසයෙන් පහුගිය දිනවල දහස් ගණනින් මිය ගියත් මේ දිනවල එහි අඩුවක් දක්නට ලැබුනා.නමුත් ලංකාවේ තරම් මෙහි ⁣වෛරස පාලනය සාර්ථක නැහැ.මුලදි ප්‍රංශයේ මේ රෝගය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුයේ නැහැ.ඒ නිසයි එය වර්ධනය වුනේ.මුඛ ආවරණ පැළදිමට නියම කළෙත් මේ ළගදියි.
මෙහි කටයුතු අනුව බලනවිට ලංකාවේ තත්වය උසස් මට්ටමක තිබෙනවා.පොඩි පොඩි අපහසුකම් විඳගෙන හරි රජයේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසිලෙස පිළිපදිමින්, ආත්මාර්ථකාමීව තමන් ගැන පමණක් නොසිතා රට ගැන සිතා කටයුතු කරන.ලෙස ලංකාවේ ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.ඒ නිසා රජය වෛරස පාලනයට කරගෙන යන වැඩපිළිවෙළට සහයදි එය රටෙන් තුරන් කිරිමට කැපවන ලෙස ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද පරවාහැර චන්දරතන නාහිමියෝ කියති.

ධර්ම ශ්‍රි තිලකවර්ධන

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී