නවතම පුවත්

නීති විරෝධී ඊතල විදීමෙන් (Spearfishin) ලංකාවේ කොරල් පර ජීවීන් බේරාගමු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුලු ලොවම ප්‍රසිද්ධ දකුණු මුහුදු තීරය සුන්දර මෙන්ම ආවේනික කොරල් ජීවීන්ටද නිවහන සපයයි. මෙම සුන්දරත්වය විදීමටම බොහෝ විදේශිය මෙන්ම දේශීය සංචාරකයන්ද දකුණු වෙරළට පැමිනේ.

මොවුන් කොරල් පර ජීවීන් අතර කිමිදීමෙන් අත්විදින්නේ අතිශය වින්දනීය අත්දැකීමකි. නමුත් මෙම සුන්දරත්වය විනාශ කරන අඳුරු ක්‍රියාවලියක් ඇතැම් සංචාරක නිකේතනවලද උපකාරය සහිතව සිදුවේ.

මෙහිදී සිදුවන්නේ දුනුපටි සහිත තුවක්කුවක් වැනි උපකරණයකට ඊතලයක් දමා කොරල් පර මසුන් ඉලක්ක කර විදීමය. එම විදින ඊතලයට නුලක් සම්බන්ධ කර ඇති බැවින් ඉලක්කගත මත්ස්‍යයා ලඟට ඇදගත හැක.

මෙහිදී කොරල් පරයට හානිවනුයේ මෙම ඊතල ඉලක්කයට ලක් වනුයේ එම පරිසර පද්ධතියේ සිටින විශාලම සහ පද්ධතියේ සමතුලිතතාවයට වැදගත්ම මසුන් වන බැවිනි.
ඇතැම් අවස්ථාවලදී රතු දත්ත පොතේ වඳ වීමට ආසන්න ලෙස නම් ලද මසුන්ද මොවුන්ගේ ඉලක්කය බවට පත් වේ. මෙය නීතියෙන් තහනම් වන අතර ආසන්න දිනයකදීද නාවුක හමුදාවෙන් සහ වෙරළාරක්ෂක නිලධාරීන් මෙවැනි සංචාරකයන් රැගත් බෝට්ටුවක් අත් අඩංගුවට ගත් නමුදු නීති ලිහිල් බැවින් ටික දිනකින් නිදහස්ව පෙර පරිදිම සිදුකරනු දක්නට ලැබේ.

මෙම මසුන් මැරීමට අනුබල දෙන නිකේතන මෙවැනි ක්‍රම මගින් මරා ගෙන එන මසුන් එම සංචාරකයන් හට එදිනම රාත්‍රී සාදයකදී පිස දීමද සිදුවේ.

මෙවැනි නීතිවිරෝධී මසුන් මැරීම වැළැක්වීමට නීතිමය දඩුවම් වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කල යුතු වේ.
එලෙස නොවුනහොත් ලංකාවේ කොරල් ජීවීන්ගේ මල ගම සිදුවීම නොවැළැක්විය නොහැකිය.

තරිඳු විජේරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්