නවතම පුවත්

පිළියන්දල මාළු මුදලාලි දින 5න් ගෙදර යයි

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ බව සදහන් වූ පිළියන්දල මාළු ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනය වූයේ කවුරුන්ගෙන් ද යන්න මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම පුද්ගලයා දින පහක ප්‍රතිකාර කිරීමකින් පසුව ඊයේ නිවෙස බලා පිටත් කර ඇත.

තිස් තුන් හැවිරිදි මෙම මාළු ව්‍යාපාරිකයාට කොවිඩ් 19 වැලදී ඇතැයි කියැවෙන්නේ රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන් ඔහු කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කළ වෛද්‍ය පරීක්ෂණයකිනි.

එසේ ඔහු කොවිඩ් 19 ආසාධිතයෙක් බව තහවුරුවූයේ යැයි සදහන් වන්නේ අප්‍රේල් 20 වෙනිදාය. එදිනම ඔහුව අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර තිබේ.

එම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ ඔහුට කොවිඩ් 19 රෝගය ආසාධනය වූයේ කෙසේදැයි සොයා විමර්ශන පවත්වන බවය.

විදෙස්ගතව පැමිණි ඔහුගේ සහෝදරයෙක්වද කොවිඩ් 19 පරීක්ෂණයට ලක්කළේය.

ඔහු මාළු මිලදී ගැනීමට ගිය පෑලියගොඩ මත්ස්‍ය වෙළද සැලේ ව්‍යාපාරිකයන් ඇතුළු 500 කට වැඩි පිරිසක් කොවිඩ් 19 පරීක්ෂාවකට ලක් කළේය.

ඔවුන්ගෙන් කිසිවකුට වෛරසය ආසාධිත වී නොතිබිණි.

කෙසේ වෙතත් මේ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ ආකාරය සොයා ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ

එහෙත් ඔහු ඇසුරු කළ පුද්ගලයින් රැසක් ස්වයං නිරෝධායෙනයටද යොමු කරන ලදි.

මෙම ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ඔහු සමීපව ඇසුරු කළ 23 දෙනෙක් හමුදාවේ අධික්ෂණයෙන් නිරෝධායනයට රැගෙන ගොස් තිබුණි.

ඔවුන් පසුදින නැවත සිය නිවෙස් වෙත යොමුකර තිබුණි.

මෙම පුද්ගලයා ජංගම වෙළන්දෙකි.

එ බැවින් ජංගම වෙළදාමේ නිරත පුද්ගලයින්ට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නව නීති සහ රෙගුලාසිද පනවමින් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන්ට සිදුවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්