නවතම පුවත්

කොරෝනාවෙන් ආරක්ෂාවීමට විටමින් D හොඳ ඔසුවක්. හිරු එළියේ පැය භාගයක් ඉන්න – මහාචාර්ය සුනිල් විමලවංශ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිනපතා විනාඩි තිහක පමණ කාලයක් හිරු එලිය සඳහා ශරීරය නිරාවරණය කිරීම තුලින් ඇතිවන ප්‍රතික්‍රියාව මගින් නිපදවෙන විටමින් D නව කොරෝනා වයිරසයට මුහුණ දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට විශාල හැකියාවක් ඇතිබව ලෝ ප්‍රකට කීර්තිමත් වෛද්‍ය විද්‍යා විශේෂඥයකු වන මහාචාර්ය සුනිල් විමලවංශ ප්‍රකාශ කරයි. ඇමරිකාවේ නිව් ජර්සිහි පදිංචි මහාචාර්ය විමලවංශ මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ ජීවත් වන අතර Medicine, Endocrinology, & Nutrition කේෂ්ත්‍රයන්හි ලොව ප්‍රකට පර්යේෂණය මහාචාර්ය වරයෙකුද වේ.

The Colombo Express සමඟ විශේෂ සාකච්චාවකට එක්වෙමින් මහාචාර්ය විමලවංශ මහතා මෙසේ කරුණු අනාවරණය කලා.

”කොරෝනා සඳහා නිශ්චිත බෙහෙතක් සොයාගෙන නොමැති අවස්ථාවක අපි ඉන්නේ. ඒ වගේම කවදා මේ සඳහා අපට බෙහෙතක් සොයා ගැනීමට හැකිවෙයිද කියල අපි දන්නේ නැහැ. දැන් ලෝකයේම රටවල් කොරෝනා පවතිද්දී සංචරණ සීමා ලිහිල් කරමින් යන්නේ. ඒ කියන්නේ කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙන්න අපට සිදු වෙනවා.

ශ්‍රී ලංකාවේත් එහෙමයි. අපි නැවත සමාජයට – රැකියාවට යද්දී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වේදයන් පිළිපැදීම අත්‍යවශ්‍යයි. එලියට යනකොට මාස්ක් එකක් ( මුඛ ආවරණයක්) අනිවාර්යෙන්ම පැළඳිය යුතුමයි. ඒ වගේම සමාජ දුරස්ථබව පවත්වාගෙන යාම සහ නිතර සබන් යොදා දෑත් සේදීම වැනි දේ අප කල යුතුමයි.

ඒ වගේම කොරෝනා වැනි වයිරසයක් සමාජය තුල පැතිරෙද්දී එයට මුහුණ දීමේදී අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. ප්‍රතිශක්තිය පවත්වාගෙන යාමටත් වර්ධනයටත් විටමින් D මෙහිදී ඉතා වැදගත්ම සාධකයක්. හිරු එලිය හරහා හෝ බාහිරව ගන්නා විටමින් D කැප්සියුලයක් හරහා අපගේ ශරීරයට විටමින් D ලබාගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව වගේ රටක අපිට ලැබෙන හිරු එලිය ආශිර්වාදයක් වෙන්නේ ඒ මගින් අපිට දිනපතාම නොමිලේම විටමින් D නිපදවෙන රසායනික ක්‍රියාවලියට ඉඩ ලැබෙන නිසයි. උදේ වරුවේ පැය බාගයක් එක දිගට නොහැකිනම් විටින් විට හෝ අව්වේ සිටීමෙන් විටමින් D නිපදවෙන රසායනික ක්‍රියාවලිය ශරීරය තුල සිදුවෙනවා.

පැය බාගයක් විතර අව්වේ හිටියොත් අපගේ ශරීර ස්භාවය අනුව ඒකක 8000-12000 අතර ප්‍රමාණයක් ලැබෙනවා. මේ තත්වය ඉතා වැදගත්. නිරෝගී අය අව්වේ ඉන්න අතරේ හැකි තරම් ශරීරය විවෘත කිරීම වටිනවා. ඔබට වත්තේ වැඩක්, ව්‍යායාම, පොතක් කියවීමක් ආදී දෙයක් කරන්න පුළුවන්. හැබැයි රෝගී තත්වයන්ට ගොදුරු වී ඉන්න අයට නම් අව්වේ ඉන්න එක සුදුසු නැහැ.

ඒ වගේම යම් කෙනෙකුට අව්වේ සිටින්න අමාරුනම් අධි මාත්‍රාවකින් යුත් විටමින් D කැප්සියුල් එකක් හරහා ගන්න පුළුවන් දිනපතාම. මේ අධි මාත්‍රාවකින් යුත් ඖෂධ මේ වන විටත් අමෙරිකාව, නවසීලන්තය, චීනය, තුර්කිය, බ්‍රිතාන්‍යය සහ පිලිපීනය ඇතුළු රටවල් රැසක් විසින් ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා භාවිත කිරීමට සුදානම් කරමින් ඉන්නේ. මෙගා මාත්‍රයකින් යුත් කැප්සියුලය ලබා දීම ඔස්සේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 30%කින් අඩු කර ගැනීමේ හැකියාව ඇතැයි කියලා තමයි නවතම පර්යේෂණ වාර්තා වලට අනුව අපි හිතන්නේ. නමුත් ලංකාවේ මේ අධිමාත්‍රාව සහිත කැප්සියුල් ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම ශ්‍රි ලංකාවේ රජය සහ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවධානය යොමු කිරීමත්, ඒ සඳහා කටයුතු කිරීම ඉතාම වැදගත්. මම මේ මොහොතේ ඇමරිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, එංගලන්තය ආදී රටවල විශේෂඥයින්ට සමඟ සම්බන්ධ වෙමින් ඒ සඳහා මගේ දායකත්වය සපයමින් ඉන්නේ. අපි දිනපතා වීඩියෝ කොන්ෆරන්ස් කිහිපයක් පවත්වනවා කොහොමද විටමින් D කොරෝනා පාලනය සඳහා යොදා ගන්නේ කියල. ඉන්දියාවේ නවදිල්ලියේ ලබන සතියේ මේ ඖෂධය ලබා දීමට නියමිතයි. ඇත්තටම මට පුළුවන් මේ සඳහා අදාළ සම්බන්ධීකරණය කරන්න.

මේ රෝගයට බෙහෙතක් සොයා ගැනීමට ගතවන කාලය අවිනිශ්චිතයි. එම නිසා මේ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව පෞද්ගලිකව ඉතා වගකීමෙන් කටයුතු කල යුතුයි.

මහාචාර්ය සුනිල් විමලවංශ මහතාගේ කොරෝනා වෛරසය සම්බන්ධ පැහැදිලි කිරීම් සඳහා ඔහුගේ youtube පිටුවට පිවිසීමට පහත link එක click කරන්න.

www.youtube.com/channel/UCgcTivH1nGwymgX_cb0V4Mg/videos

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?