නවතම පුවත්

දේශගුණ විපර්යාස බලපෑම හමුවේ සමුද්‍ර හා වෙරළබඩ පරිසර පද්ධතිය • UNFCCC එක්ව ස්ලයිකැන් භාරය (SLYCAN trust ) අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පවත්වයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්ලයිකැන් භාරය , දේශගුණ විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුති (UNFCCC) කාර්යාලය එක්ව සංවිධානය කළ දේශගුණ විපර්යාස හමුවේ සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය මැයෙන් වු අන්තර්ජාල සම්මන්ත්‍රණය පසුගිය 27 වැනිදා පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයේ ආරාධිත දේශකයන් ලෙස UNFCCC වැඩසටහන් නිලධාරිනි (නයිරෝබි වැඩසටහන) රොජිනා මැන්ඩර් මිය, CSIRO ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය මැට් වැන්ඩරක්ලිෆ්ට් මහතා සහ SLYCAN trust අධ්‍යක්ෂ (පර්යේෂණ හා අධ්‍යන අංශය) ඩෙනිස් මොම්බාර් මහතා සහභාගි වුහ.
සම්මන්ත්‍රණය මෙහෙයවුයේ ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය විසිනි.
ඉහළ ප්‍රතිචාර ලැබුණු මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණයට ලොවපුරා රටවල් රැසක පරිසරවේදීන්, වෘත්තිකයන්, තරුණ හා කාන්තා සංවිධාන, මාධ්‍යවේදීන්, තාක්ෂණික නිලධාරින් සහ පෞද්ගලික අංශය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ආසියාව, යුරෝපය, අප්‍රිකාව, උතුරු හා දකුණු ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඇතුළු රටවල් රැසක් ඔවුහු නියෝජනය කළහ.
මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණය ආරම්භ කරමින් පළමුවෙන්ම විශේෂඥ අදහස් පළ කළේ UNFCCC ලේකම් කාර්යාලයේ වැඩසටහන් නිලධාරිනි රොජිනා මැන්ඩර් මිය විසිනි. ඇය මේ වනවිට නයිරෝබි වැඩසටහන භාර වැඩසටහන් නිලධාරිනිය ලෙස කටයුතු කරන්නීය.


පසුගිය වසරේ IPCC විශේෂ වාර්තාව අනුව පෘතුවියේ සිදුවණ දේශගුණ විපර්යාසයන්ගෙන් සියයට 80ක්ම ජීවන පැවැත්මට බලපානවා. අදාල විපර්යාසයන් ඉදිරි පරම්පරාව සදහා අඛන්ඩව පවතිනවා. එය ඉහළම කදු මුදුනේ සිට සාගරයේ ගැඹුරුම ස්ථානය දක්වා බලපෑම් ඇති කරනවා. දේශගුණික විපර්යාස බලපෑමට සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය කොතරම් දුරට වැදගත් වනවාද යන්න මෙම විශේෂ වාර්තාවෙන් මොනවට පැහැදිලි කර තිබෙනවා.
කඩොලාන පරිසර පද්ධති, කොරළ පර රැක ගැනීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ කුඩා දූපත් රාජ්‍යයන්ට ඒවා රැකගැනීම විශාල අභියෝගයක්. අදාල වර්තාව අනුව මිලියන 670 කදුකර ප්‍රදේශයේත්, මිලියනන 680 පහළ වෙරළ බඩ කලාපයේත් ජීවත්වන ජනතාව සෘජුව මෙම දේශගුණ විපර්යාස බලපෑමේ ක්‍රියාදාමයට සම්බන්ධයි. ඒ නිසා දේශගුණික විපර්යාස බලපෑමට අනුහුරුවීමේ ක්‍රියාදාමය ඉතා වැදගත් වෙනවා.
ඒ සදහා කළ හැකි ක්‍රියාදාමයන් හදුනාගැනීම, දැනුමේ හිඩැස් සොයා යෑම, එම හිඩැස්වලට ආමන්ත්‍රණය කිරීම අප කළ යුතුයැයි ඇය පැවසුවාය.
අනතුරුව අදහස් පළ කරනු ලැබුවේ CSIRO ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය මැට් වැන්ඩරක්ලිෆ්ට් මහතාය.

දේශගුණ විපර්යාස හමුවේ සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය රැකගැනීමට නිල්-කාබන් (Blue Carbon Ecosystems) පරිසර පද්ධතිය සොබාදහම මත පදනම් වූ විසඳුම් ලෙස ඉදිරිපත් කළ හැකියි. නිල් කාබන් පරිසර පද්ධතිය ප්‍රධාන වශයෙන් කඩොලාන, මුහුදු තෘණ, උදම් වගුරුබිම්වලින් සමන්විතයි. මෙම පරිසර පද්ධතිය සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය මුහුණපාන ව්‍යවසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හේතුවක්. ඒ වගේමවෙරළ ආශ්‍රිත ජනතාවගේ ජීවනෝපායන්ටත් එය එකසේ වැදගත් වෙනවා.
නිල් -කාබන් ලෙස ඔබ නිල් පැහැයක් හොයන්නට පුළුවන්, මෙතන අප අදහස් කරන්නේ කාබන් විශාල ප්‍රමාණයක් අඩංගු තද දුඹුරු පැහැති පස පිළිබදවයි. දේශගුණ විපර්යාස අවම කිරීම, ජීවනෝපායට උපකාර වීම හා වැඩිදියුණු කිරීම, ආපදා අවදානම අවම කිරීම යන කරුණු ඔස්සේ නිල් කාබන් පරිසර පද්ධතිය පිළිබද පැහැදිලි කළ හැකියි.
නිල්-කාබන් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා එම පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම ඔස්සේ ගෝලීය විමෝචනය සියයට 2 කින් අඩු කළ හැකිවේ නම් එම අගය වුවද ලොවපුරා සමස්ත ගුවන් ගමන් ක්ෂේත්‍රයෙන් සිදුවන විමෝචනය අඩු කිරීම තරම්ම විශාලයි.
නීල හරිත ආරක්ෂකයෝ වැඩසටහන යටතේ ශ්‍රි ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන් SLYCAN trust අධ්‍යක්ෂ (පර්යේෂණ හා අධ්‍යන අංශය) ඩෙනිස් මොම්බාර් මහතා තෙවැනි විශේෂඥ මත දැක්වීම කළේය.

නීල හරිත ආරක්ෂකයෝ වැඩසටහන යටතේ කැඩොලාන සම්බන්ධ පර්යේෂණ රැසක ස්ලයිකැන් භාරය නිරත වෙනවා. කඩොලාන පරිසර පද්ධතිය ජෛව විවිධත්වයට, දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීමට, ආපදා අවදානම අඩු කිරීමට, සංස්කෘතික හර පද්ධතින් ආරක්ෂා කර ගැනීම ඇතුළු අංශ රැසක් ඔස්සේ එකසේ වැදගත්වෙනවා. සංවර්ධනය සමග ලොවපුරා කඩොලාන පරිසර පද්ධතිය රැකගැනීම අභියෝගයක් වී තිබේ.
ශ්‍රි ලංකාවේ කඩොලාන ගත්විට ප්‍රභේද 20ක් පමණ දැකිය හැකියි. ඒවා හෙක්ටයාර් 19500 භූමියක විහිද තිබෙනවා. 2030 වසරවනවිට තවත් කඩොලාන හෙක්ටයාර් 10000 ප්‍රතිස්ථාපනය කිරීම ශ්‍රි ලංකාවේ අරමුණයි. එසේවුවද කඩොලාන ප්‍රතිස්ථාපනය අසීරු කාර්යක් වී තිබේ. 2017 අධ්‍යනයකට අනුව හෙක්ටයාර් 1000-1200 කළ කඩොලාන ප්‍රතිස්ථාපන ක්‍රියාවලියකින් සාර්ථක වී ඇත්තේ හෙක්ටයාර් 200-220 භූමි ප්‍රමාණයක් පමණයි.
ශ්‍රි ලංකාව අතින් ගත් කළ ඉතා හොද දෙයක් නම් කඩොලාන සංරක්ෂණය කිරීම උදෙසා ප්‍රතිපත්ති සහ නීතිමය රාමුවක් සකස් වී තිබීමයැයි හෙතම පෙන්වා දුන්නේය.
මේ අතර ස්ලයිකැන් භාරය කඩොලාන සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කර තිබෙන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැහැදිලි කළාය.

පවතින ව්‍යවසන තත්ත්වය අවසන් වු වහාම ස්ලයිකැන් භාරය කඩොලාන ප්‍රතිස්ථාපනය සහ සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාතමක ව්‍යාපෘති යාවත්කාලීන කරන බවට ඇය විශ්වාසය පල කළාය. අනතුරුව අන්තර්ජාල සම්මන්ත්‍රණයට එක්වු විවිධ රටවල නියෝජිතයන්ගේ ගැටලුවලට විශේෂඥයන්ගේ පිළිතුරු ලබාදීම සිදුවිය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්