නවතම පුවත්

කොරෝනාවලින් පස්සේ බිස්නස් වෙනස් වෙන්නේ මෙහෙමයි

අසංක

අසංක

 

කොරෝනා වසංගතය ලෝක ආර්ථිකයට කර ඇත්තේ සුළු පටු බලපෑමක් නොවේ . එම නිසාම ලෝකයේ බලවත් රාජ්‍යයන් පවා ඉදිරියේදී බරපතල ආර්ථික අර්බුදයන් රැසකට මුහුණදෙනු ඇති බව ලෝක බැංකුවද අනාවැකි පළකර ඇත.

කෙසේ වෙතත් මෙම තත්වයන් හමුවේ ලොව පුරා ව්‍යාපාරික ප්‍රජාවටද මතුවන මෙම නව තත්වයන්ට අනුව හැඩගැසීමට , සිදුවනු ඇත. එසේ හැඩගැසීම හා පරිවර්තනයන් සිදුකිරීම හරහා ව්‍යාපාරික ලෝකය තුල අනාගතයේ සිදුවිය හැකි වෙනස් කම් කිහිපයක් පිළිබඳව ලෝ ප්‍රකට harvard ව්‍යාපාරික විද්‍යායතනයේ ආර්ථික විශේෂඥයින් පිරිසක් අදහස් දක්වා තිබුනේ මෙසේය .

මයිකල් බියර් – බොහෝ ව්‍යාපාරික ආයතන තම සේවකයින් සමග විශ්වාසය පදනම් කරගත් සබඳතාවයක් ගොඩනගාගැනීමට අවධානය යොමුකරාවි . එසේම සේවක ප්‍රජාව සමග වඩාත් අවංක කතිකාවක් ඇතිකර ගැනීමට එම ආයතන පියවර ගනු ඇති .

රයන් බුඑල් – ව්‍යාපාරික ප්‍රජාව තම පාරිභෝගිකයින්ට වඩාත් වැඩි සහයෝගයක් ලබාදෙන්න පෙළඹේවි . පාරිභෝගික ප්‍රජාවට වඩාත් උසස් සේවාවක් ලබාදීමටද මෙහිදී අවධානයක් යොමුවේවි.

ප්‍රිතවිරාජ් චෞද්රි – නව තාක්ෂණය යොදාගනිමින් , නිවසේ සිට සේවකයින්ගෙන් සේවය ලබාගැනීමට බොහෝ ආයතන පෙළඹේවි . මෙම දුරස්ථකරණය උපායමාර්ගික ලෙස ඉදිරියේදී ප්‍රයෝජනයට ගනු ඇත.

ඒමි එඩ්මන්ඩ්සන් – ව්‍යාපාරික ආයතන ප්‍රධානීන් සෙසු සියලු සේවක කොටස් සමග තම ව්‍යාපාරය පිලිබඳ කරුණු නොසඟවමින් ඔවුන් සමග වඩාත් සමීපව , ඔවුන්ගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී කටයුතු කරනු ඇති .

ජෝසප් ෆුලර් – එකිනෙකා අතර ශාරීරික සමීප බව අඩුකරන , එසේම සෞඛ්‍ය සම්පන්න භාවය වැඩි කරන අකාරයේ නව මෙහෙයුම් ක්‍රමවේද ඉදිරියේදී ඇතිවේවි. ඒ අනුව දැනට පවතින ව්‍යාපාර මෙහෙයුම ක්‍රමවේද සම්පූර්ණයෙන් වෙනස් වී , එය වෙනත් නව තලයක් වෙත යොමුවේවි.

ස්ටීවන් කෞෆ්මාන් – සැපයුම් ජාල කලමනාකරුවනට ඉදිරියේදී විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේවි.

රෝසබෙත් කැන්ටර් – වඩාත් විශිෂ්ඨ නායකයින් සැමවිටම , තම ව්‍යාපාරය තුල විනිවිදභාවය රැකගනිමින් , එහි දෙපාර්තමේන්තු අතර නිරන්තරව සම්බන්ධතාව පවත්වාගනිමින් ,
ව්‍යාපාරික ස්ථානය තුල වඩාත් යහපත් පරිසරයක් ගොඩනැංවීමට පියවර ගනීවි.

ජෝන් මක්කොම්බර් – වඩාත් සෞඛ්‍ය සම්පන්න සේවක පිරිසක් ගොඩනැගීම සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කිරීමට ව්‍යාපාරික ප්‍රජාව සැමවිටම පියවර ගත යුතුයි , එය ඉදිරියේදී ඉතාමත් වැදගත් සාධකයක් වේවි,

ගැරී පිසානෝ – ව්‍යාපාරික හමු , සාකච්ජා හා සමුළු බොහෝදුරට නවීන තාක්ෂනය ඔස්සේ පැවැත්වේවි . එකිනකා මුණගැසී සිදුකරන සාකච්ජා ඉදිරියේදී නොවැදගත් වේවි..

විලී ශිහ් – ලොව පුරා සැපයුම් ජාල බිඳවැටීම හේතුවෙන් ඒවාට විකල්ප බිහිවේවි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි