නවතම පුවත්

ලංකාවේ ප්‍රථම වරට විෂබීජ නසමින් වාතය පිරිසිදු කරන Ceiling & wall Panel එකක් දේශීයව නිපදවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකාවේ ප්‍රථම වරට විෂබීජ නසමින් වාතය පිරිසිදු කරන Ceiling & wall Panel එකක් දේශීයව නිපදවයි

ලංකාවේ විශාලතම සිවිලිම් ෂිට් නිෂ්පාදකයා වන idea Industries Limited මගින් නිපදවන i-Panel තව දුරටත් දියුණු කරමින් i-Panel Bio-Guard නමින් නවතම නිෂ්පාදනය 100% දේශීයව නිපදවා ඔබ වෙතට හදුන්වා දීම සිදුකර තිබේ . i-Panel Bio-Guard මතට කුමන හෝ ආකාරයක ආලෝකය පතිත වන විට එය ස්වයන්ක්‍රියව ක්‍රියාකාරිත්වය ආරම්භ වී ඒ මත ගැටෙන වාතය පිරිසිදු කිරීම සිදු කරයි . මේ නිසා වාතයේ ඇති බැක්ටීරියා , වයිරස් , විෂබීජ , ගන්ධ , පුස් , ඇල්ගී , දිලීර වැනි සියළුම සරල කාබනික අණු විනාශ කිරීමට i-Panel Bio-Guard නිෂ්පාදනයට හැකියාව තිබේ . සාමාන්‍ය iPanel බාවිතා කරන ආකාරයටම අප නව නිෂ්පාදනය ද බාවිතා කළ හැකිය . සිවිලිම් සහ බිත්ති අලංකාර කිරීමට මෙය බාවිතා කල හැකිය . i-Panel Bio-Guard බාවිතා කර අලංකාර කරන ලද ගොඩනැගිල්ලක් තුල ඉතාමත් පිරිසිදු වාතාශ්‍රයක් නිර්මාණය වීම නිසා එහි තුල මනා සෞඛ්‍ය ආරක්‍ෂිත පරිසරයක් ඇතිවේ . ඒ සදහා කිසිදු අමතර වියදමක් සිදු නොවේ . මෙම bio Guard ලේයරය ක්ෂය නොවන නිසා මෙම ක්‍රියාකාරී ගුණය ඉතාමත් දිගුකලක් පවතී . Institute of Nano technologies ආයතනයේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය නිපදවූ බව කිව යුතුයි . මෙහි තාක්ෂණික ක්‍රියාකාරිත්වය පහත අයුරින් සිදු වේ .
BIO-GUARD” යනු අර්ධ සන්නායක ද්‍රව්‍යයකි . “i-Panel BIO-GUARD” වෙත ආලෝක කිරණ පතිත වන විට ඉලෙක්ට්‍රොන සංයුජතා කලාපයේ (valance band) සිට සන්නායක කලාපයට (conduction band) බලශක්ති පරතරයක් හරහා ගමන් කරනු ඇත . මෙය “bandgap” (Theory of band/Solid state physics) ලෙස හදුන්වයි . මෙම තත්වයේ වෙනස නිසා “hole” එකක් ජනනය වේ . සංයුජතා කලාපයේ ඉලෙක්ට්‍රෝන හිඟයක් “h +” ලෙසද, සන්නායක ස්ථරයේ අතිරික්ත ඉලෙක්ට්‍රෝනයක් “e-” ලෙසද හැඳින්වේ.
“h +” ජලය සමඟ ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රොක්සයිල් රැඩිකලුන් (Hydroxyl radicals) ද “e-” ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කොට සුපර් ඔක්සයිඩ් (superoxide) සාදයි. මේවා ROS (Reactive Oxygen Species) ලෙස හඳුන්වයි . මෙම ROS මගින් iPanel මතුපිට සහ ඒ ආවට වායුගෝලයේ ඇති සරල කාබනික අණු වන බැක්ටීරියා, වෛරස්, විෂබීජ, ගන්ධ, වාෂ්පශීලී කාබනික සංයෝග, පුස්, ඇල්ගී, දිලීර, පරාග, දූවිලි මයිටාවන් ඔක්සිකරණය කර විනාශ කර දමයි .
කොරෝනා වසංගතය නිසා මුළු ලෝකයම අකර්මන්‍ය වී ඇති මෙවන් මොහොතක අප සමාගම විසින් හදුන්වාදෙන iPanel Bio-guard නිෂ්පාදනය මගින් විෂබීජ හරණය වෙමින් වාතය ස්වයංක්‍රියව පිරිසිඳු වන නිසා මෙය වඩාත් ප්‍රයෝජනවත් කාලින නිෂ්පාදනයක් බව Idea සමුහයේ ප්‍රදාන විධායක වන සම්පත් මයකඩුව මහතා පවසා සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි