නවතම පුවත්

ලාරා ගේ උපදෙස

අසංක

අසංක

සටහන :  කසුන් නදීර

ලාරා දත්තා, අප කවුරුත් දන්නා බොලිවුඩ් නිළිය, නැතිනම් වර්ෂ 2000 විශ්ව රූ රැජිණ පසුගිය පෙබරවාරියේදී වසර විස්සකට පසුව සිය විශ්ව රූ රැජිණ කිරුළ සහ පළඳනාව පැළද මුම්බායි නුවර උත්සවයකට සහභාගි විය. තද නීල වර්ණයෙන් යුක්ත දිගු ගවුමකින් හැඩවුණු ලාරා වසර 2000දී තමා දිනූ විශ්ව රූ රැජිණ කිරුළ පැළඳ 2020 විශ්ව රූ රැජිණ සඳහා වන ඉන්දියානු රූ රැජිණ තේරීමේ අවසාන මහා තරඟයේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස එසේ සහභාගි වී සිටියාය.

විශ්ව රූ රැජිණ කිරුල දිනා වසර 20ක් පිරීම නිමිත්තෙන් ලාරා දත්තා හට මෙහිදී විශේෂ සමරු තිළිණයක් පිරිනැමීමටද සංවිධායකයෝ තීරණය කර තිබුණි. එය ඇයට ලබාදෙනු ලැබුවේ ප්‍රවීණ නළු අනිල් කපූර් විසිනි. ඉනික්බිතිව උත්සව සභාව ඇමතූ ලාරා දෙනෙත් කඳුලින් බරව සියල්ලන්ටම ස්තූතිය පුද කළ අතර එදින තරඟ වැදීමට සිටි සියළු තරඟකාරියන් හට උපදෙසක් ලබා දුන්නාය.

“Nobody is going to remember how you looked, what gown you wore, what makeup you had on, what jewelry you had on, whether your nails were painted or not, but they will remember how you treated them. Its how you treat people. That is the legacy you leave behind”

“කිසිවකු ඔබේ පෙනුම, ඔබේ ඇඳුම්, ඔබේ රූපය, ඔබේ ආභරණ හෝ ඔබේ නිය පැහැයන් මතක තබා ගන්නේ නැත. ඔවුන් මතක තබා ගන්නේ ඔබ ඔවුන්ට සැළකූ ආකාරයයි. එයයි ඔබ සතු දායාදය විය යුත්තේ”

ශාලාව පුරා රැස්ව සිටි දහස් ගණනක් දෙනා ලාරා හට සිය පුටු වලින් නැගිට අත්පොලසන් ලබා දෙමින් ආචාර කරන්නට විය.

ලාරා දත්තා අන් රූ රැජිණියන්ගෙන් වෙනස් වන්නට හේතු කිහිපයක් වෙයි. ලෝක මට්ටමේ රූ රැජිණ තරඟ දෙකක් ජයගත් එකම රූ රැජිණ ලාරා දත්තාය.

ලාරා 1995 දී ඉන්දියාවේ හොඳම නිරූපණ ශිල්පිනිය හෙවත් Miss Megamodle තරඟය ජයග්‍රහණය කළාය. ඉන්පසු 1997 දී අන්තර්මහද්වීපික රූ රැජිණ හෙවත් Miss Intercontinental තරඟය ජය ගත්තාය. විශ්ව සහ ලෝක රූ රැජිණ තරඟවලට පසුව පැවැත්වෙන විශාලතම රූ රැජිණ තරඟය වන්නේ එයයි. 1999 දී ලාරා යලිත් Miss India සඳහා තරඟ වැද ඉන්දියානු රූ රැජිණ කිරුල දිනා ගත්තාය. එහි දෙවනි තැන ප්‍රියංකා චොප්රා ත් තෙවනි තැන ඩියා මිර්සා ත් ලබා ගත්තාය. වසර 2000දී සයිප්‍රස් වල පැවති විශ්ව රූ රැජිණ ලාරා දිනා ගත්තේ අදටත් නොබිදී පවතින වාර්තා කිහිපයක් තබමිනි. එහිදී ඇය හොඳම නාන ඇඳුම හෙවත් Miss Swimsuit තරඟය ජයගත්තේ ඉතිහාසයේ ඒ සඳහා ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමිනි. එසේම අවසාන තරඟකාරියන් හට පිළිතුරු ලබා දීමට සිදුවන ප්‍රශ්න වටයේදී ලාරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව වන 9.99 (10න්) විශ්ව රූ රැජිණ ඉතිහාසයේ ඕනෑම උප තරඟයකදී (Mini title) තරඟකාරියක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස අදටත් නොබිඳී පවතියි. හොඳම ජාතික ඇඳුම Best National Costume සහ හොඳම සන්ද්‍යා ඇඳුම Best Evening Gown තරඟ ද ඈ ජයග්‍රහනය කළේය. ඒ අනුව විශ්ව රූ රැජිණ ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කළ රූ රැජිණ ලෙස ලාරා තැබූ වාර්තාව අදටත් අද්වීතීය ලෙස වැජඹෙයි.

වසර 2000දී ලාරා විශ්ව රූ රැජිණ වන විට ලෝක රූ රැජිණ වූයේ ප්‍රියංකා චොප්රා වන අතර ඩියා මිර්සා ආසියානු පැසිෆික් රූ රැජිණ කිරුළ දිනා ගත්තාය.

භාෂා 5ක් චතුරව කතාකළ හැකි ලාරා ඉන්පසු බොලිවුඩ් සිනමාවට එක්වූ අතර ඉන්දියාවෙන් බිහිවූ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා වූ මහේෂ් භූපති සමග විවාහ විය. 42 හැවිරිදි ලාරා දැන් අට හැවිරිදි දියණියකගේ මවකි.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී