නවතම පුවත්

“කොරෝනා පාලනයේ විශිෂ්ටම බුද්ධි මෙහෙයුම කළේ ලංකාවත් – ඊශ්‍රායලයත් පමණයි”

අසංක

අසංක

 

රාජ්‍ය බුද්ධි සේවයේ නි.අධ්‍යක්ෂ හෙළිකරයි

 

මෙරට කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්ත මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවය සිය පාලනයට නතුකරගෙන ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා පවසයි.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ බුද්ධි මෙහෙයුම ඔස්සේ 88273 දෙනෙක් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

වසංගත පාලන ක්‍රියාවලිය මේ අයුරින් ක්‍රියාත්මක නොවුයේ නම් වෛරසය ව්‍යාප්තිය රටපුරාම පැතිරයනු ඇති බව ඔහු පෙන්වා දෙති.

ලොව පුරා වසංගතය පැතිරුනු සියලුම රටවලින් මෙවැනි බුද්ධි මෙහෙයුම් ඔස්සේ කොවිඩ් 19 පාලන ක්‍රියාවලිය සිදුවූයේ ශ්‍රී ලංකාවේ සහ ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවය විසින් පමණක් බවද රාජ්‍ය බුද්ධි අංශය පැවැසීය.

කොවිඩ් 19 වෛරසය මෙරට පාලනය කිරීමේ බුද්ධි මෙහෙයුම ගැන ජාතික රූපවාහිනිය මගින් හෙළිකරමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

ඔහු සදහන් කළේ මේ වන විට ස්වයං නිරෝධායනයේ සිටින්නේ 28746 දෙනෙක් පමණක් බවයි.

නාවික හමුදාවේ නිලදාරීන් අතර වෛරසය පැතිරයාම මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇතැයි රාජ්‍ය බුද්ධි අංශය පෙන්වා දෙති.

නාවික හමුදා සාමාජිකයන්ට වෛරසය ආසාධනය වන්නේ ජා-ඇල සුදුවැල්ලේ ආසාධිතන් සම්බන්දයෙන් රාජකාරියේ නිරතව සිටියදීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?