නවතම පුවත්

කඩාවැටුණු කොළඹ කොටස් වෙළෙඳපොළ අද නගී

අසංක

අසංක

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කඩාවැටී තිබු මෙරට කොටස් වෙළඳ පොළ අද දින කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගත්තේය .

ඒ අනුව අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ , සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.30 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 4,367.25 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 2.81% ක වර්ධනයකි.

එසේම S&P SL20 දර්ශකයද ඒකක 46.21 හෙවත් 2.74% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී දර්ශකය සටහන් වූයේ ඒකක 1,731.66 ක් ලෙසිනි.

අද දින වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 978.44 කි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය සඳහා සමාගම් 142 ක් ධනාත්මක දායකත්වයක් ලබා දුන් අතර ඒ අතුරින් LOLC, LB ෆිනෑන්ස්, කාගිල්ස්, හේමාස් හෝල්ඩිංග්ස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් කැපී පෙනුණි.

දිවයින පුරා ඇඳිරි නීති තත්වයන් ලිහිල් කොට දින දෙකක් ගතවීමටත් පෙර මෙසේ කොටස් වෙළඳ පොලේ වර්ධනයක් දැකීම සුහ දායක කරුණක් බව ආර්ථික විශේෂඥයින් පෙන්වාදේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි