නවතම පුවත්

රාජිත රිමාන්ඩ්

අසංක

අසංක

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කර තිබේ.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට අද රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) සවස භාරවිය.

සුදු වෑන් රථ මගින් පුද්ගලයින් පැහැර ගැනීමක් ගැන මාධ්‍ය හමුවක් පවත්වා පුද්ගලයන් දෙදෙනෙකු මගින් පදනම් විරහිත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇප අවලංගු වූ බවට අද අධිකරණය විසින් තීන්දු කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගය දෝෂ සහිත බැවින් එය අවලංගුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා තීන්දුව ප්‍රකාශ කර් තිබුණි.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ රාජිත සේනාරත්න මහතා අධීකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (13) සවස රාජිත සේනාරත්න මහතා පදිංචිව සිටින බව සදහන් බත්තරමුල්ලේ පිහිටි නිවසකට ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහිදී දැන ගන්නට ලැබී ඇත්තේ රාජිත සේනාරත්න මහතා එහි නොසිටින බවය.

අනතුරුව රාජිත සේනාරත්න මහතා නවාතැන් ගැනීමට යොදා ගන්නා තවත් නිවාස සහ ස්ථාන කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් විය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ භාරවන්නේ ඒ අතර තුරදීය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී බැංකු කොල්ලකෑම් ඇතුළු පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනක් මෙම මාධ්‍ය හමුවට රැගෙන විත් තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්