නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තතු ගැන පියතුමන්ලාට නොකී හේතුව හෙළිවෙයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා නිසි ලෙස ක්‍රියාත්මක වී නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (14) අනාවරණය විය.

ඒ පර්යේෂණ හා සැළසුම් අංශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා දුන් සාක්ෂියක් මගිනි.

අද දිනයේම කොමිසම වෙත පසුව සාක්ෂි ලබාදීමට පැමිණි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ පාස්කු ප්‍රාහාරයට අදාලව බුද්ධි තොරතුරු ඇතුලත් ලිපිය මගින් සෘජු අනතුරු ඇගවීමක් සිදු නොවන බවයි.

මේ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ආරක්ෂක අමාත්‍යාංශය ආදී පාර්ශව දැනුවත්ව සිටි බවත් මේ සම්බන්ධව පොලිසියේ ඉහල නිළධාරීන්ගේ සිට පහළ නිළධාරීන් දක්වා යෑමේදී නිසි බරතැබීමක් සිදු වී නොමැති බවත් ඔහු කීය.

සැකකරුවන්ගේ නිජබිම වශයෙන් නැගෙනහිර පළාත හදුනාගෙන තිබියදීත් ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා දැනුවත් කර නොමැති බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කීය.

මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී විවිධ කොන්දේසි පනවා ඇතිබවත් මහජන කැලබීමක් ඇති නොවන ලෙස කටයුතු කරන එහි දක්වා තිබූ බැවින් කතෝලික දේවස්ථානවල පියතුමන්ලා දැනුවත් කිරීමට පියවර නොගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි දෙමින් කියාසිටියේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?