නවතම පුවත්

සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අත්හරින්න පූජිත්-නාලක උපදෙස් දීලා

අසංක

අසංක

– පාස්කු ප්‍රහාරය පිළිබද ජනපති කොමිසමේ දී හෙළිවෙයි 

 

පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරු වූ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා කලකට පෙර ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අත්හැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා උපදෙස් දී ඇති බව අනාවරණ වී තිබේ.

ඒ කාත්තන්කුඩිය ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර 2017 වසරේ සිදුවූ ගැටුමකට අදාළව සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකි.

ජනාධිපති කොමිසම හමුවේ මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී මේ බව හෙළිවී ඇත.

කොමිසම හමුවේ ඊයේ අවසන්වරට සාක්ෂි දුන්නේ මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

2017 වසරේ මාර්තු, අප්‍රේල් මාසවලදී තමන් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවය කළ බව ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළේ ය.

සහරාන් නමැති පුද්ගලයා අන්තවාදී දේශන පැවැත්වීම සහ තවත් පාර්ශ්වයක් ඊට විරුද්ධ වීම නිසා කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ගැටුමක් ඇතිවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර ඇත.

ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ සමයේ සහරාන්ගේ ඡායාරූප තමන් සතුව පැවැති බවට ද ඔහු පිළිගත්තේය.

පාස්කු ප්‍රහාරය සිදුකරන බවට තොරතුරු ලැබුණු සහරාන්ගේ ඡායාරූපයක්, එවක මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල තමාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා නොදුන්නේ මන්දැයි කොමිසම එවිට ප්‍රශ්න කළේය.

කාත්තන්කුඩි පල්ලි අතර ගැටුමට සම්බන්ධ සහරාන් සහ පාස්කු ප්‍රහාරය ගැන කියවෙන සහරාන් එකම පුද්ගලයෙකු දැයි තමන් නොදැන සිටි බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ ය.

අන්තර්ජාලයෙන් හෝ ඒ පිළිබඳ තොරතුරු සෙවීමට අවස්ථාවක් නොතිබුණේ දැයි කොමිසම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළ අතර, තමන්ට අන්තර්ජාලය පිළිබඳ දැනුමක් නැතැයි උප පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ කාත්තන්කුඩි සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් අත්අඩංගුවට ගැනීමට එම ප්‍රදේශයට යාම සඳහා එවක ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හරහා පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවසර ලබාගත යුතුව තිබූ බවයි.

උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, සති දෙකක කාලයකින් පසු ඊට අවසර හිමිවුවත් සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතහැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් උපදෙස් ලැබුණු බවට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමන්ට දැනුම්දුන් බවයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී