ක්‍රීඩා

Share now!

ජර්මනියේ සුපිරි රේසිං ධාවක සෙබස්තියන් වෙටල් මෙවර තරග වාරයෙන් අනතුරුව ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට තීරණය කර තිබේ. එකඟතාවකින් තොරව ගිවිසුම් සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව සෙබස්තියන් වෙටල් මෙම තීරණයට එළැඹ තිබේ. ඒ අනුව මෙම වසර අවසානයේදී ඔහු ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට නියමිතය.

’ කණ්ඩායමේ ප්‍රධානී මැටියා බිනෝටෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැනි තීරණයක් ගැනීම වෙටල්ට පහසු කාරණයක් නොවන බවයි.

කෙසේ වෙතත් වෙටල්ගේ අදහස වනුයේ තමන්ට ‘ෆෙරාරි’ සමග එකට වැඩ කිරීමට තවදුරටත් පොදු ආශාවක් නොමැති බවයි.

සිවු වරක් ලෝක ශූරතාව දිනා ඇති 32 හැවිරිදි වෙටල් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තීරණයට මූල්‍යමය කාරණා හේතු නොවූ බවත්, යම් යම් තීරණ ගැනීමේදී තමන් සිතන ආකාරයට එය සිදු නොවූ බැවින් ‘ෆෙරාරි’ හැර යෑමට අදහස් කළ බවත්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment