නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීම ගැන විශේෂ හෙළිදරව්වක්

අසංක

අසංක

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු අඟවා නිකුත් කල බුද්ධි අංශ වාර්තාව රාජ්‍ය බුද්ධි සේවයේ දෙතුන් දෙනෙක් හැර බහුතරයක් බුද්ධි අංශ නිලධාරීන්ද දැන සිට නැති බව ඉතා විශ්වාස තොරතුරු මගින් දැන ගන්නට තිබේ.

එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ කිහිප දෙනෙක් හැරුණු කොට වෙන කිසිදු නිලධාරියෙක්ව ඒ ගැන දැනුවත් කිරීමට ද රාජ්‍ය බුද්ධි සේවා බලධාරීන් පියවර ගෙන නැත.

එම ප්‍රහාරය ගැන කල්තියා බුද්ධි තොරතුරක් සිය ආයතනයෙන් නිකුත්කර ඇති බව පවා රාජ්‍ය බුද්ධි සේවයේ විවිධ අංශ භාර ප්‍රධානීන්ද දැන ගෙන ඇත්තේ ප්‍රහාරයෙන් පසුවය.

ඒ ප්‍රහාරය පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමග ය.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් රටපුරාත් ලොව පුරා රටවල් රැසකත් විහිදී සිටී.

ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියා පිළිබඳ සොයා බැලීමට උතුරු නැගෙනහිර පළාත්වල විශේෂ අංශද පිහිටා තිබේ.

ඊට අමතරව සෑම පොලිස් කොට්ඨාශයකම මෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අංශ ස්ථාපිතකර ඇත.

ඒ කිසිදු අංශයක් වෙත අදාළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයෙන් දැනුම්දීමක් කර නැත.

පාස්කු ප්‍රහාරයෙන් පසු කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ලකල පුද්ගලයින් සැගවී සිටි ස්ථාන, දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි පිරිස් හදුනා ගැනීම් මෙන්ම සහරාන්ගේ ආයුධ මෙන්ම ගෝලබාලයින් රැසක්ම කොටුකර ගනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව සහ අම්පාර ඒකකවල නිලධාරීන්ගේ තොරතුරු ඔස්සේය.

ප්‍රහාරයට පෙර එම නිලධාරීන්ටත් තොරතුරු ලැබී නැත.

පාස්කු කොමිසම හමුවේ ද රාජ්‍ය බුද්ධි සේවයේ මීගමුව ඒකකයේ ස්ථානාධිපතිවරයා සදහන් කර ඇත්තේ ප්‍රහාරයට පෙර කිසිදු නිලධාරියෙක් පෙර අනතුරු ඇඟවීමක් ගැන තමන් දැනුවත් නොකළ බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්