නවතම පුවත්

මැකො සාමාජිකයාගේ දුව-පුතා නිරෝධායන නීති කඩකළ විමර්ශන වාර්තාවක් අවසන්

අසංක

අසංක

සිය පුත්‍රයා සහ දියණිය නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමට යොදා ගැනීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා සම්බන්ධයෙන් කළ විමර්ශන ගොනුව ඉදිරි නීතිමය කටයුතු සදහා පොලිස් නීති කොට්ඨාශයට අද (26) භාරදී තිබේ.

ඒ යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා විසිනි.

ඇඳිරිනීතිය කාලය තුළ යාපනයේ සිට කොළඹට ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව රැගෙන පැමිණිම සහ නිරෝධායනයෙන් පසු තවත් දින 14 කාලයක් ස්යං නිරෝධායනය විය යුතු සිය දියණියව නිරෝධායන උපදෙස් නොතකා මැතිවරණ කොමිසම් සභා කාර්යාලයට කැටුව පැමිණිම සම්බන්ධයෙන් මෙම විමර්ශන පැවැත්විණි.

එම විමර්ශනයේදී ඒ සියළු කාරණා සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.

යාපනයේ සිට පුතාව කොළඹට රැගෙන ගොස් ඇත්තේ ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිවය.

ඒ දිස්ත්‍රික් අතර ගමන් තහනමක්ද පවතින විට බව වාර්තාවේ සදහන්ව ඇත.

හූල් මහතාට ඇදිරි නීති බලපත්‍රයකින් තොරව මැතිවරණ කොමිසමේ රැස්වීම්වලට සහභාගිවීමට යාපනයේ සිට ගමන් කිරීමට ඇදිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවේ.

එහෙත් ඔහුගේ පුතාට ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීමට එමගින් හැකියාව නොලැබේ.

හූල් මහතාගේ දියණිය එංගලන්තයේ සිට පැමිණ නිරෝධායනය වී ඇත්තේ තරුපන්තියේ හෝටලයකදී මුදල්ගෙවාය.

එම හෝටලය ආරක්ෂක අංශය යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානයකි.

නිරෝධායනයෙන් පසු ඇයට නිරෝධායනය අවසන් කළබවට වූ සහතිකයද නිකුත් කර තිබී ඇත.

නිරෝධාන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ පිරිස් සිය ගම්බිම්වලට රැගෙන යන්නේ හමුදාවේ අධික්ෂණයෙන් හමුදාවේ වාහන වල නංවාගෙන වන අතර මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝදායනය වූ පිරිස් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාවලියක් අනුගමනය වී නැත.

නිරෝධායනය වූවන්ව හෝටලයෙන්ම නිදහස්කර නිවෙස් බලා යන ලෙස දන්වා ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

හූල් මහතා සිය දියණියව හෝටලයෙන් රැගෙන කෙළින්ම මැතිවරණ කොමිසමට පැමිණ ඇත්තේ ඒ අනුව බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

හූල් මහතාගෙන් , ඔහුගේ පුතාගෙන් සහ දියණියගෙන් මෙතෙක් පොලීසිය ප්‍රශ්න කර නැත. නීති උපදෙස් ලැබීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?