නවතම පුවත්

නාරාහේන්පිට පොලිස් රෝහල විෂබීජහරණය කරයි දායකත්වය NCW හෝල්ඩින්ගග්ස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිය දායකත්වය සපයමින් නාරාහෙන්පිට පිහිටි පොලිස් රෝහල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට මෙරට ප්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සේවා ආයතනයක් වන එන් සී ඩබ්ලිව් හෝල්ඩින්ග්ස් (NCW HOLDINGS ) ආයතනය පසුගියදා පියවර ගත්තේය .

ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද කීර්තිමත්, පහසුකම් කළමනාකරණ සේවා සපයන ආයතනයක් වන එන් සී ඩබ්ලිව් හෝල්ඩින්ග්ස් ආයතනය විෂබීජහරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ගුණාත්මක ක්‍රමවේදයන් යටතේ සිදු කරණු ලබන ආයතනයකි. ›

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාවේද මෙම සේවා කටයුතු දියත් කර ඇති එන් සී ඩබ්ලිව් හෝල්ඩින්ග්ස් ( (NCW HOLDINGS ) ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ව සහතිකය සහිත මෙරට එකම පහසුකම් හා සේවා සපයන ආයතනය වේ.

පොලිස් රෝහලේ මෙම විෂබීජහරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඕස්ටේ්‍රලියානු ක්‍රමවේදයට අනුව අදියර දෙකකින් යුත් තත්ව සහතික පිළිවෙලකට අනුබද්ධ ඉතා කාර්යක්ෂම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීන ..

(NCW HOLDINGS ) ආයතනයේ අන්තර්ජාතිකව විෂබීජහරණය පිළිබඳ ලබා ඇති පළපුරුද්දත්, අනුගමනය කරන ක්‍රියාවලියත්, භාවිතා කරන තාක්ෂණයත් ,ඉහළ යන්ත්‍රෝපකරණත්, පරිසර හා සෞඛ්‍ය හිතකාමී රසායන ද්‍රව්‍යයන් නිසා මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්විය..

කොවිඩ් 19 ව්‍යසනයේදී ඕස්ටේ්‍රලියාවේ ප්‍රමුඛපෙළේ සමාගමක් ලෙස විෂබීජහරණ ක්‍රියාවලිය තත්ව පාලනයක් සහිතව ඕස්ටේ්‍රලියාවේ පොදු ස්ථාන රැසකට මෙම සාර්ථක හා ගුණාත්මක විෂබීජහරණ ක්‍රියාවලිය හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය බවට .(NCW HOLDINGS ) ආයතනය පත්ව තිබේ.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක නවීන් විෙජ්වික්‍රම මහතා පැවසුවේ ,පහසුකම් හා සේවා සපයන මෙරට ප්‍රමුඛතම සමාගමක් ලෙස තම ආයතනය මෙම උද්ගතවූ තත්වය සමනය කිරීමට පූර්ණ කැපවීම ඉදිරියේදීත් ලබා දෙන බවය ,

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?