නවතම පුවත්

සහරාන් අත්අඩංගුවට ගන්න ගිය TIDයට බලපෑම් කළ CID නිලධාරියා ගැන හෙළිදරව්වක්

අසංක

අසංක

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට බිරිදගේ කැකුණුගෝල්ලේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී එම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තේම්න්තුවේ නිලධාරියෙකුගෙන් බලපෑම් එල්ලවූ බව පාස්කු කොමිසමේදී හෙළිවෙයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයෙක් විසින් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ මේ බව හෙළිකළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක ඩයස් නැමැති නිලධාරියා සහරාන්ගේ බිරිදගේ සොයුරාගේ ජංගම දුරකථනය ඔස්සේ එම බලපෑම කළ බව ඔහු සාක්ෂි දී ඇත.

ඩයස් නැමැති නිලධාරියා මේ වන විට විශ්‍රාමගොස් සිටී.

මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීමේ සිද්ධියේත් වනාතවිල්ලුවේ පුහුණු කදවුර පවත්වාගෙන යාමට සහ එම කදවුරින් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධව සිටි ප්‍රධාන සැකකරුවෙක් වන අන්සාර් නැමැත්තාගේ දුරකතනයෙන් එම බලපෑම කළ බවද කොමිසමේදී හෙළිවිය.

එම බලපෑම එල්ලවූයේ 2019 වසරේ පෙබරවාරි 28 වෙනිදා බවද ප්‍රදාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ සදහන් කළේය.

අන්සාර් නැමැත්තා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම්වලට සම්බන්ධ බවත් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට තොරතුරු ලැබී තිබුණු බවද ඔහු සදහන් කළේය.

ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ හත්දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් සහරාන් සොයා කැකුණුගොල්ලේ නිවසට ගිය අවස්ථාවේදී අන්සාර් එහි සිටි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා කථාකරන බව සදහන් කරමින් දුරකථන ඇමතුම තම නිලධාරීන්ට ලබාදී ඇත්තේ අන්සාර් විසින් බවද කොමිසම හමුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ එම නිවසින් පිටව යන ලෙස බවද කොමිසම හමුවේ අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයේ එම නිලධාරීන් ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් සටහන් තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අන්සාර් සම්බන්දයෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ලිඛිතව දැනුම්දී ඇත්තේ මාවනැල්ලේ බුදුපිළිම හානි කිරීමේ සිද්ධියට හා වනාතවිල්ලුවේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ පුහුණු කදවුරක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයැයිද කොමිසමේදී හෙළි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්