නවතම පුවත්

ලොව ධෛර්යමත්ම කාන්තාවන් අතරට ලංකාවේ මරිනි ද ලිවේරා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලොව ධෛර්යවන්තම කාන්තාවන් දස දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්ද තේරී පත්වී ඇත.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල , 2019 ජාත්‍යන්තර ධෛර්යවත් කාන්තා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන මරීනි ද ලිවේරා මහත්මිය මෙසේ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

. අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප්ගේ හා එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රටවල් 10ක් නියෝජනය කරමින් ලොව ධෛර්යවන්ත කාන්තාවන් ලෙස තේරී පත්වූ කාන්තාවන් දස දෙනෙකු හට සම්මාන හිමිව විය .

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ මරීනි ද ලිවේරාට අමතරව බංග්ලාදේශය, බුරුමය, ජිබූටි, ඊජිප්තුව, ජෝර්දානය, මොන්ටිනීග්‍රෝ, පේරු, ටැන්සානියා සහ අයර්ලන්තය යන රටවල් නියෝජනය කරමින් කාන්තාවන් 09දෙනෙකු 2019 ජාත්‍යන්තර ධෛර්යවත් කාන්තාවන්ගේ සම්මානයට හිමිකම් කී බවයි අමෙරිකාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය .

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව මෙන්ම කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ දියුණුව වෙනුවන් කළ සමාජ සත්කාරයන් මෙම සම්මානය වෙනුවෙන් සලකා බැලෙන නිර්දේශයන්වේ..

මෙවර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්මානය දිනා ගත් මරීනි ද ලිවේරා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිවරියක්.ලෙස මෙන්ම ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ කමිටුව සහ කාන්තා පිළිබඳ ජාතික කමිටුව එම සංශෝධන කෙටුම්පත් කළ කමිටුවද නියෝජනය කර ඇත,. ඊට අමතරව ඇය මානව හිමිකම් පුහුණුකාරිණියක ලෙස ද කටයුතු කර තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්