නවතම පුවත්

STF ප්‍රධානියා ලෙස නි.පො. වරුණ ජයසුන්දර පත්කෙරේ

අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා නම් කර තිබේ.

මේ වනවිට විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ත්‍රිකුණාමලයට මාරු කිරීමට නියමිත ය.

වරුණ ජයසුන්දර මහතා දැනට සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර උතුර දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස ය.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ද සාමාජිකයෙක් වන වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස පත්කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට ඉදිරිපත් කරන ලද යෝජනාවට එහි සාමාජිකයන්ගේ ද අනුමැතිය ලැබී තිබේ.

මේ වනවිට මැතිවරණ කාලපරිච්ඡේදයක් පවතින බැවින් එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වනවිට අනුමැතියට යොමු කර ඇත.

පහත දැක්වෙන්නේ ලයනල් ගුණතිලක මහතා මීට මාස 3කට පමණ පෙර පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරියා ලෙස වැඩභාරගත් අවස්ථාවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්