නවතම පුවත්

ජාතික පාපන්දු පුහුණුවීම් ජූනි 22 සිට නැවත ආරම්භ වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් ලබන ජුනි 22 වැනිදා සිට නැවැත ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

කොරෝනා වසන්ගත තත්ත්වය හමුවේ රට තුළ උද්ගතවූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාපන්දු සම්මේලනය තීරණය කළේ පසුගිය පෙබරවාරී 16 වැනිදා සිටය.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් කෙරෙන කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථායේ නිරෝධායන පහසුකම් ද ඇති කරමින් ඒ සඳහා විශේෂයෙන්ම සූදානම් කෙරේ. එහිදී උපරිම සෞඛ්‍යය ආරක්‍ෂාක ක්‍රමවේද අනුගමනය කරමින් ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කෙරේ.

පළමු පුහුණු කාලය දින 17 කි. දින 4 ක නිවාඩුවකට පසුව නැවතත් දින 17 ක පුහුණුවීම් ආරම්භ කෙරේ. ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජින් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණුවීම් පැවැත්වේ.

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් නැවැත ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමනු ලැබූ එම සුදුසුකම් ලැබීමේ තරග උතුරු කොරියාවට, දකුණු කොරියාවට හා ලෙබනනයට එරෙහිව පැවැත්වේ.

මෙම තරග කොළඹ , පියැන්ජියාන්ග් හා බීරූට් යන නගර වලදී පැවැත්වීමට නියමිතව තිබුණි. නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ඒ සඳහා සහභාගි වන ක්‍රිඩකයන්ට පී.සී.ආර්. පරීක්‍ෂණයද අනිවාර්ය කර තිබේ.

ඒ හැරෙන්නට පුහුණු සංචිතයේ ක්‍රිඩකයන්ට විටින් විට එම පරීක්‍ෂණයට පෙනි සිටීමද අනිවාර්ය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්