නවතම පුවත්

සෙලාන් බැංකුවේ විශිෂ්ටයෝ සම්මානයෙන් පිදුම් ලබති

අසංක

අසංක

සෙලාන් බැංකුවේ විකුණුම් අංශයේ වාර්ෂික සම්මන්ත්‍රණය සහ සම්මාන උළෙල පසුගියදා කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. 

2018 වසර තුළදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ, විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි.

මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ සම්මාන පිරිනැමීම සිදුකෙරුණු අතර පුද්ගලික ණය අංශයේ චාමික පෙරේරා සහ නිවාස ණය අංශයේ කර්බි ඉමංක විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සම්මාන ලැබූහ. 

ක්‍රෙඩිට් කාඞ්පත් විකුණුම් ශේෂ බැරකිරීම් වෙනුවෙන් අංජුල ඩිල්ශාන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ක්‍රෙඩිට් කාඞ් විකුණුම් වෙනුවෙන් සම්මානය හිමිවූයේ ජානක හේරත් වෙත ය.

ලීසිං විකුණුම් අංශයේ විශිෂ්ටයා ලෙස සම්මාන දිනාගන්නා ලද්දේ ලොශාන් ජයසේකර විසිනි.

මෙම සම්මාන උළෙලේදී සහරාන් අමීර් පුද්ගලික ණය විකුණුම් කාණ්ඩය යටතේ විශිෂ්ටම කණ්ඩායම් නායකයා ලෙස සම්මාන දිනූ අතර, ක්‍රෙඩිට් කාඞ් විකුණුම් සහ ක්‍රෙඩිට් කාඞ් ශේෂ බැරකිරීම් අංශ සඳහා එම සම්මානය හිමිවූයේ සුරංග පෙරේරා වෙත ය.

නිවාස ණය කාණ්ඩය වෙත දක්වන ලද දායකත්වය වෙනුවෙන් මාලන් කැබැන්දුගම වෙත විශේෂ සම්මානයක් පිරිනැමිණි.  

සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය වූ, 2018 වසරේ විශිෂ්ටතම කණ්ඩායම් නායක සම්මානය දිනාගැනීමට ක්‍රෙඩිට් කාඞ් විකුණුම් අංශයේ සුරංග පෙරේරා සමත් වූ අතර, සමස්තයක් ලෙස අලෙවි අංශයේ විශිෂ්ටතම සාමාජිකයා ලෙස සම්මාන දිනාගැනීමට පුද්ගලික ණය අංශයේ චාමික පෙරේරා සමත් විය. 

 ඡායාරූපය: සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා (මැද), අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා (වමේ), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා (මැද) සමග නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවා) ඩෙල්වින් පෙරේරා මහතා, ප්‍රධාන කළමනාකරු (පාරිභෝගික ණය) ඉයුජීන් සෙනෙවිරත්න මහතා සහ ලීසිං සේවා ප්‍රධානී දිලුම් අමරසිංහ මහතා සම්මානලාභීන් සමග 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්