නවතම පුවත්

අනුරාධපුර රෝහලේ ලක්ෂ 60 කොල්ලකෑම කළෙත් ජාතික රෝහලේ සල්ලි ඉස්සූ දොස්තරදැයි සැක

අසංක

අසංක

කොළඹ ජාතික රෝහලේ සේප්පුවක බහා තිබූ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් ලක්ෂ 60ක් කොල්ලකෑම කළ බවට ද පොලීසියට සැක මතුවී තිබේ.

මෙම වෛද්‍යවරයා එම රෝහලට අනුයුක්තව සේවය කරන්නෙක් වන අතර විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධියට යම් කිසි පුහුණුවකට කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

මොහු පොලීසියට පවසා ඇත්තේ තමන්ට රුපියල් ලක්ෂ 13ක පමණ ණය පියවීමට ඇති බවයි.

මෙම වෛද්‍යවරයා කිසියම් සූදුවකට ඇබ්බැයිවූවෙක් ද යන්න පිළිබද සොයාබැලීමට පොලීසිය කටයුතු කරමින් සිටී.

කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල ඊයේ දහවල් සැකකරු විසින් පිස්තෝලයක් පෙන්වා මුදල් පැහැර ගෙන ත්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 33 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර තාවකාලිකව කොළඹ කොටා පාර ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලීසිය කියයි.

එමෙන් මෙම මුදල් මංකොල්ලය සඳහා තවත් පුද්ගලයින් සම්බන්ධ දැයි සොයා විමර්ශන පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්