නවතම පුවත්

පෑනක් වගේ අවියක් පිළියන්දලින් – පතොරම් මිරිහානෙන් හමුවෙයි

අසංක

අසංක

පිළියන්දල සුවාරපොල මාර්ගයේ තිබී පෑනක් හැඩැති කුඩා ගිනි අවියක්  සොයාගෙන තිබේ.

ඒ ගිනි අවිය මාර්ගය අයිනේ තිබෙනු දුටු පුද්ගලයෙක් ඒ බව පිළියන්දල පොලිස් ස්ථානයට ලබාදුන් තොරතුරකට අනුවයි.

පිළියන්දල පොලීසිය විසින් ඊයේ (15)  අවිය සවස 5.30 ට පමණ සොයා ගෙන තිබුණි.

එම අවිය සෙන්ටි මීටර් 14 ක් පමණ දිග මිලි මීටර් 9 වර්ගයේ පතොරම් යොදන එකකි.

මේ අතර මිරිහානේ ජසම්බුගස්මුල්ලේ මස්කඩයක් අසල තිබී මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 13 ක් හමුවූ බවද පොලීසිය සදහන් කරයි.

මේ දිනවල සංවිධානාත්මක අපරාධකරුවන් සොයා පොලිස් මෙහෙයුම් දියත් කෙරේ.

එබැවින් සැකකරුවන් මෙසේ ගිනි අවි සහ පතොරම් මහා මාර්ගවල දමා යන බව පොලීසිය විශ්වාස කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි