BREAKING NEWSව්‍යාපාරික

Share now!

සංචාරක හා සත්කාරක සේවා ක්‍ෂේත්‍රයට අදාල නවතම ජංගම දුරකථන යෙදවුමක් (app )හඳුන්වාදීමට මෙරට ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කිංග්ස්බරි හෝටලය සමත්ව ඇත .

රට තුල පවතින සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් හා සීමාවන්ට ගැලපෙන පරිදි , තරු පන්තියේ අත්දැකීමක් නිවසේ සිටම වුවද ලබාගත හැකිවන ලෙස මෙම සුවිශේෂී යෙදවුම සකස් කර ඇත.

Kingsbury’s Indulgence app ලෙස හැඳින්වෙන මෙම යෙදවුම හරහා එම තරුපන්තියේ හෝටලය සතු සියලු සේවාවන් නිවසටම ලබාගත හැක.

අහාරපාන පමණක් නොව ඇඳුම් පැළදුම් පිරිසිදු කිරීම ඇතුළු තරු පහේ හෝටලයකින් ලබාදෙන සියලු සේවා මෙම යෙදවුම හරහා ලබාගැනීමට හැකියාවක් ලැබීම සුවිශේෂී කරුණකි.

යෙදවුම හඳුන්වාදී සති කිහිපයක් යාමට පෙරත් , විසිදහසක පමණ පිරිසක් මෙය වටා එක්ව ඇති අතර දැනටමත් ඇනවුම් 3500 කට ආසන්න ප්‍රමානයකට සේවා සපයා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment