BREAKING NEWSක්‍රීඩා

Share now!

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් අද (24) ප්‍රකාශයක් සටහන්කර විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදීමක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව ය.

නාවලපිටියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී උදෑසන 6.30 ට පමණ එම ප්‍රකාශය සටහන්කරගෙන ඇත.

ඒ ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment