Featured

Share now!

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව ඉදිරියටත් සහය ලබාදෙන බව ඇමෙරිකානු රජය අවධාරණය කර සිටී

මේ බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කෝවිඞ් -19 වසංගතයට එරෙහි සටන සඳහාද ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී දැනුම් දී ඇති බවද නිවේදනයේ දැක්වේ.

ආර්ථික ස්ථාවරත්වය මෙන්ම තිරසාර වර්ධනය සඳහා වූ කැපවීම පිළිබඳව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා
මෙහිදී ශ්‍රී ලංකා රජය සමග අදහස් හුවමාරු කරගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment