නවතම පුවත්

CIMA ගෝලීය උප සභාපති ධූරයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක්

අසංක

අසංක

ජාත්‍යන්තර වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) ගෝලීය උප සභාපති ධූරයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් තේරී පත්ව ඇත.

ඒ අනුව එක්සත් රාජධානියේ පවතී වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ 101 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී සිය ගෝලීය සාමාජිකයින්ගෙන් 88% කට වඩා වැඩි ඡන්ද සංඛ්යාවක් ලබා ගනිමින් ශ්රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තකයකුවූ මෙලනි ජැනින් කනක මහත්මිය, එම ආයතනයේ අභිනව ගෝලීය උප සභාපතිනිය (Global Vice President) ලෙස තේරී පත්ව සිටී .
.
වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ වසර 100 ක ඉතිහාසයේ, මෙම කීර්තිමත් ධුරයට එක්සත් රාජධානියට පිටතින් පත් ව සිටින පළමු කාන්තාව බවට පත්ව ඇත්තේද කනක මහත්මියයි.

, මෙම ගෝලීය තනතුර තුලින් රටවල් 179 ක 650,000 කට අධික සාමාජිකයින් හා ශිෂ්යයින්ට ඇය නායකත්වය සපයනු ඇත.

2009 දී CIMA ගෝලීය සාමාජික මණ්ඩලයට ආරාධනා කරන ලදුව එක්සත් රාජධානයට පිටතින් තේරී පත් ව සිටි පළමු ශ්‍රී ලාංකික සාමාජිකාව වීමේ භාග්යය ලද කනක මහත්මිය 2013 දී CIMAහී දකුණු ආසියාව සඳහා වන කවුන්සිලයට වසර තුනක කාලයක් සඳහා තේරී පත්ව එහි බොහෝ කමිටුවල සේවය කළාය. ඒවා සමහරක් නම් සාමාජිකත්ව කමිටුව, නිරන්තර ඉගෙනුමි කමිටුව, තාක්ෂණික කමිටුව සහ සාමාජික සේවා කමිටුවයිි. 2019/2020 දී එහි වෘත්තීය ප්රමිති සහ චර්යා කමිටුවේ මුලසුන දරමින් සාමාජිකත්වය සඳහා නව අභියාචනා ක්රියාවලියක් හා සංශෝධිත ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නාය.
2000 දී CIMA සාමාජිකත්වයට ඇතුළත් වූ මැය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ දකුණු ආසියාව පුරා සාංගමික මූල්යය සහ සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 30 ක පළපුරුද්දක් ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ බෙල්සවූත් සහ ශ්රී ලංකාවේ ඩීඑෆ්සීසී බැංකුව, හේලීස් සමූහය සහ මාස් හෝල්ඩින්ග්ස් හි සේවය කර ඇත.
ඇමරිකානු සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (Association of International Certified Professional Accountants) අධ්යක්ෂවරියක් ද වන කනක මහත්මි්ය, මේ වන විට ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ මූල්ය හා පරිපාලන අංශයේ ප්රධානියා ලෙස කටයුතු කරන්නිය.
ෆුල්බ්රයිට් ශිෂ්යධරයකු ද වන ඇය ඇමරිකා එක්සත් ජනපදයේ එමරි විශ්ව විද්යයාලයේ ගොයිසුටා ව්යාපාරික පාසලෙන් ජාත්යන්තර මූල්ය හා සාංගමික උපාය මාර්ග (Corporate Finance and Development Banking) පිළිබඳ ශාස්ත්රපති උපාධියක් ලබා ඇත. ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යයාලයෙන් පළමු පන්තියේ ව්යාපාරවේදී (විශේෂ) උපාධියක් ලැබූ ඇය, කොළඹ බිෂොප් විදය්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්යාවක් හා ශ්රී ලංකාවේ ජාතික සංචිතයේ හිටපු පිහිනුම් ක්රීඩිකාවක්ද වන්නිය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි