නවතම පුවත්

නාකොටික් නිලධාරීන් කළ මත්කුඩු ජාවාරම් රැසක් ගැන තතු හෙළිවෙයි – තවත් 12ක් අත්අඩංගුවට

අසංක

අසංක

අත්අඩංගුවට ගන්නා මත්කුඩු නීතිවිරෝධී ලෙස යළි ඡාවාරම්කරුවන්ට අලෙවි කිරීම් සහ ඔවුන්ට ප්‍රවාහනය කර දීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඒ අනුව මත්කුඩු ජාවාරම් කිරීමට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සිවිල් වැසියන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉතිහාසයේ ලොකුම මත්කුඩු වැටලීම කළ නාවික හමුදාව අයිස් සහ කෙටමින් නැමැති මත්කුඩු විශාල ප්‍රමාණයක් එහිදී සොයා ගන්නා ලදි.

ඒ අතර තිබුණු අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 60 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන් විසින් හොර රහසේ අලෙවි කර ඇති බවට තොරතුරුද හෙළිවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙම නිලධාරීන් කණ්ඩායම විසින් කොවිඩ් වසන්ගතය පැවැති අවස්ථාවේදී මහබාගේදී හාල්ගෝනි තුළ සගවා තිබියදී අල්ලාගත් හෙරොයින් වලින්ද කිලෝ 50 කට වැඩි ප්‍රමාණයක් මුල් අවස්ථාවේදීම පන්නා අලෙවිකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එම මත්කුඩු තොගය අන්තර් ජාතික මුහුදු තීරයේදී පකිස්තානුවන් පිරිසක් පැමිණි ඉරාන් නෞකාවකින් ලබාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග දකුණු මුහුදු තීරයෙන් ගිය ට්‍රෝලර් යාත්‍රාවක සිටි පිරිසකි.

එහිදී කිලෝ එකකට වැඩි බරක් ඇති මත්කුඩු පැකට් 243 ක් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බවටද තොරතුරු හෙළිවී ඇත. ගොඩබෑමෙන් පසු එම පැකට්වලින් පැකට් 43 ක් ඉවත්කර ඇති බවත් හෙළිවී තිබේ.

අත්අඩංගුවේ සිටිනව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම හෙරොයින් පැකට් තොගය ඔවුන්ගේ වාහන වලින් කොළඹට ප්‍රවාහනය කර ජාවාරම්කරුවෙකුට ලබාදී මුදල් ගෙන ඇතැයිද අනාවරණය වී තිබේ.

සෙසු හෙරොයින් පැකට් 200 ද මාසයකට ආසන්න කාලයක් තිස්සේ තැන තැන සගවා තබමින් අවසානයේදී හාල් ගෝනි තුළ දමා එම මත්කුඩු තොගය මහාබාගෙට රැගෙන විත් වැටලීමක් කර ඇත්තේ අනතුරුව බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි