නවතම පුවත්

තවත් අවි ගබවාවක් හෝමාගම වෙනත් තැනකින් හමුවෙයි

අසංක

අසංක

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් අවි ගබඩාවක් හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (02) අලුයම සොයාගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය හෝමාගම පිටිපනින් ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තොරතුරු මතයි.

එහි තිබී අත්බෝම්බ 04 ක්, පිස්තෝලයක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් 02 ක්, ගල්කටස් අවියක්, රිපීටර් පතොරම් 10 ක්, අත්විලංගුවක්, එයා රයිෆලයක්, එහි පතොරම් 600 ක් ඒ අතර වේ.

පොලිස් ඉතිහාසයේ මෙතෙක් සංවිධානාත්මක අපරාධ කල්ලි සතුව තිබූ වැඩිම අවි තොගය හෝමාගම පිටිපන පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගන්නේ පසුගිය 29 වෙනිදාය.

එම ව්‍යාපාරික ස්තානයේ හිමිකරු මෙන්ම ගිනි අවි එම ස්තානයට රැගෙන විත් සැගවූ අපරාධ කල්ලි සාමාජිකයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පෙරේදා නැවතත් විශේෂ කාර්ය බලකාය විසින් වැටලීමක් කර ව්‍යාපාරිකයාගේ අනියම් බිරිදගේ නිවසින් තවත් ආයුධ රැසක් සහ සංග්‍රාමික උපකරන රැසක් සොයා ගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඊයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී තවත් සැකකරුවෙක් ටී 56 අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

38 වියැති ඔහු හබරකඩ පදිංචිකරුවෙකි.

කැන්දලන්දේ අවි ගබඩාව පිළිබද තොරතුරු හෙළිවී ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්