නවතම පුවත්

බොට්ස්වානාහි අලි හිටිහැටියේම මියයති – දැනටමත් 350ක් මරුට

අසංක

අසංක

බොට්ස්වානාහි සති කිහිපයක් තුළ අලි 350 ක් පමණ අභිරහස් ලෙස මියයාම පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ.

අලි ඇතුන් හදිසියේ මියයන බවට මුලින්ම වාර්තා වූයේ මැයි මස මුලදී උතුරු බොට්ස්වානාහි ඔකවාන්ගෝ ඩෙල්ටාවේදී ය.

ජුනි මැද භාගය වන විට මරණ සංඛ්‍යාව 169 ක් වූ නමුත් මේ වන විට එය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ගුවන් සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත. නමුත් රජය කියා සිටින්නේ මිනිසුන් විසින් අලින්ට විෂ දීම සහ ඇන්ත්‍රැක්ස් වැනි හේතුවක් බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති බවයි. ඇන්ත්‍රැක්ස් යන්න දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බව ද එරට වාර්තා පෙන්වා දෙයි.

සෑම වයස් කාණ්ඩයකම පිරිමි සහ ගැහැණු අලි මිය ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

අවම වශයෙන් අලි 350 ක් දැනටමත් මියගොස් ඇති අතර එහි සංඛ්‍යාව සාමාන්‍ය අලි මියයාමේ ගණනයට වඩා විශ්මය ජනක බව රජය පවසයි.

අප්‍රිකාවේ අලි ඇතුන්ගෙන් තුනෙන් එකක් බොට්ස්වානාහි වාසය කරයි. ඔවුන්ගෙන් 10% ක් මෙම කලාපයේ සිටිති. එබැවින් මෙය ගෝලීය ජනගහනයට සැබෑ බලපෑමක් ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඔවුන් මිය යාමට පෙර රවුමක් ආකාරයෙන් හැකිළී යන අයුරු පෙනී ගොස් ඇති අතර, ඔවුන් ස්නායු ආබාධයකින් පෙළෙන්නට ඇතැයි සැක කෙරේ.

ආචාර්ය මැකාන් පැවසුවේ, මරණ පිටුපස ඇති ද්‍රව්‍යය ස්වාභාවිකවම සිදුවන්නේද නැතහොත් මිනිසුන් විසින් කරන්නේද යන්න පිළිබඳව විශේෂඥයින්ට තවමත් විශ්වාසයක් නොමැති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්