නවතම පුවත්

අමෙරිකාවේ සිටින ලාංකිකයන්ගේ ආදායම එරට අයටත් වඩා වැඩිලු

අසංක

අසංක

ඇමෙරිකාවේ පදිංචි වී රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආදායම එරට වෙසෙන අමෙරිකානුවන්ගේ අදායමටද වඩා බෙහෙවින් ඉහල මට්ටමක පවතින බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇත.

ඒ අනුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ අදායම සාමාන්‍යයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් 74600 ක් වන බවද ඇමෙරිකානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

සාමාන්‍ය අමෙරිකානුවෙකුගේ වාර්ෂික අදායම ඩොලර් 56200 ක් පමණ වන අතර , සුදු ජාතික අමෙරිකානුවෙකුගේ සාමාන්‍ය වාර්ෂික අදායම පවා වෙනමම ගණනය කලවිට දැක්වෙන්නේ ඩොලර් 60000කට ආසන්න අගයකි.

කළු අමෙරිකානුවෙකුගේ වාර්ෂික ආදායම ලෙස මෙහි දැක්වෙන්නේ ඩොලර් 35000ක් තරම් අඩු අගයකි.

ඒ අනුව ඇමෙරිකාවේ සිටින විදෙස් සංක්‍රමණික ප්‍රජාව අතරින් සිව්වෙනියට ඉහලම අදායමක් උපයන ජනවර්ගය වන්නේද ශ්‍රී ලාංකිකයින් බව මෙම වාර්තාව මගින් පෙන්වාදේ .

ඇමෙරිකාවේ වෙසෙන විදෙස් සංක්‍රමණිකයින් අතරින් ඉහලම අදායමක් උපයන්නේ ඉන්දියානුවන් වන අතර ඔවුන් වසරකට ඩොලර් 100500 ක පමණ උපයන බව වාර්තාවේ දැක්වේ.

ඇමෙරිකානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කල මෙම සමීක්ෂණ වාර්තාව පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි