BREAKING NEWSCorona Live Update

Share now!

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි, කොළඹ, ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරිණ.

ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයාට, එම වෛරසය ආසාදනය වී නොමැති බව ඊයේ (05) දිනය වනවිට තහවුරු වීමත් සමගය.

වෛරසය ආසාදිත බවට සැලකූ පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේදී කරන ලද PCR පරීක්ෂණ 5 ක ප‍්‍රථිඵල මත අඛණ්ඩවම එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව කෝවිඞ් 19 පැතිර යාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එලෙස සැක කෙරුණේ මුහුදු ආරක්ෂකයෙකු ලෙස රැකියාවේ නිරත, විදේශගතව සිට පැමිණ නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment