Featured

Share now!

දිවයින පුරා රජයේ ආයතන සතු වගාකළ හැකි ඉඩම් සියල්ල වගාකටයුතු සඳහා ගොවීන්ට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව අයත් මෙවැනි ඉඩම් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එම ඉඩම් ලබන මහ කන්නයේ සිට වගා කිරීම සඳහා ගොවීන්ට ලබා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඊට අමතරව මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වැවිලි සංස්ථාව සහ වතුකරයේ සමාගම් සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳව ද මේ වනවිට අමාත්‍යංශය විසින් අධ්‍යයනයක් ආරම්භ කර ඇත.

බඩඉරිඟු, දූරියන්, අලිපේර, අඹ ඇතුළු බෝග වැඩි වශයෙන් එම ඉඩම්වල වගා කිරීමට අපේක්ෂිත අතර
මෙම වැඩසටහනඅපනයනය අරමුණු කරගනිමින් ක්‍රියත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment