නවතම පුවත්

මෙල්බර්න් අද සිට ලොක්ඩවුන්

අසංක

අසංක

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් නුවර අද සිට සති හයක කාලයක් සඳහා අගුළු දැමිණ. (ලොක් ඩවුන්)

නව කොරෝනා වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙම පියවර ගෙන ඇත.

මෙල්බර්න් යනු වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරය වන අතර වික්ටෝරියා ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර සීමාව අද මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමෙ.

මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා සෙබළුන් සිය ගණනක් යෙදවීමට ද ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.

අගුලු දැමීමේ නීතියට අනුව මෙල්බර්න් වැසියන් සිය නිවෙස්වල රැඳී සිටිය යුතු අතර අධ්‍යාපන, රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ආහාර සහ ඖෂධ ලබාගැනීම යනාදියට පමණක් නිවෙස්වලින් පිටතට පැමිණීමට අවසර හිමි වේ.

ආපනශාලා, අවන්හල්, බිමහල් විවෘතව තැබුණද එම ස්ථානවල සිට ආහාර පාන ලබාගත නොහැක.කායවර්ධන මධ්‍යස්ථාන සහ සැලූන් වසා දැමේ. නිවෙස්වල එක්රැස්වීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කර ඇති අතර පාසල් නිවාඩුව ද දීර්ඝ කර ඇත.

මෙල්බර්න් නුවර, ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් ජීවත්වේ,

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි