නවතම පුවත්

කොරෝනා නීති කඩන බස්වල මාර්ග බලපත් අහෝසියි

අසංක

අසංක

රජය ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ,නිසි පරිදි පිළි නොපදින පෞද්ගලික බස් රථවල, මාර්ග බලපත්‍රය අහෝසි කිරිමට ,බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ,බැස්ටියන් මාවත, බොරැල්ල, රත්මලාන, කළුතර ,හෝමාගම ,ගම්පහ සහ ජා-ඇල යන ප්‍රාදේශීය කාර්යාල වලට අනුයුක්තව සේවය කරන මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇත.

එසේම ප්‍රාදේශීය කළමනාකරුවන්, ස්ථාන භාර නිලධාරීන් ,වේලා සටහන් නිලධාරීන් දැනුවත් කර ඒ හරහා පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත

ඒ අනුව සෑම බස් පර්යන්තයක්ම මේ වන විට විෂබීජහරණයට ලක්කර ඇති අතර පෞද්ගලික බස් රථ ද විෂබීජහරණයට ලක් කර ඇති බවත් දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වලට අනුව බස් රථයේ රියැදුරුට හා කොන්දොස්තරට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර බස් රථයේ ගමන් ගන්නා මගීන් ද මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්යවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්