නවතම පුවත්

WHO වෙතින් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප්ගෙන් නිල දැනුම්දීමක්

අසංක

අසංක

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත්කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට එම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ලබන වසරේ ජුලි මස 6 වනදා සිට බලාත්මක වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වී ඊට ලබාදෙන අරමුදල් වෙනත් කටයුත්තක් සඳහා යොදවන බව , මේ පිළිබඳව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ජනපති ට්‍රම්ප් ඊයේ සඳහන් කළේය .

එහිදී ජනාධිපති ට්‍රම්ප් නැවත අවධාරණය කළේ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීන පාලනයට නතුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මේ අතර ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන ජෝ බයිඩන් කියා සිටියේ තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු දිනම යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වී , ගෝලීය වේදිකාවේ අමෙරිකානු නායකත්වය ප්‍රතිශ්ඨාපනය කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්