නවතම පුවත්

‘The Newspaper’ චිත්‍රපටයට අමෙරිකාවේදී ජාත්‍යන්තර ඇගයුමක්

අසංක

අසංක

“ද නිව්ස් පේපර්” චිත්‍රපටය අමෙරිකාවේ කැලිෆෝනියාහි The IndieFEST Film සම්මාන උළළේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

චිත්‍රපටයට හිමි වූ සම්මාන සහතිකය අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් වෙත පිළිගන්විණ.

ඉතාලිය, අමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනන්, සිරියාව, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය ඇතුළු රටවල් රැසක් සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කර තිබිණ.

විමුක්තිය, සමාජ සාධාරණත්වය සහ විරෝධාකල්ප විදහා පෑ සුවිශේෂ නිර්මාණයක් ලෙස “ද නිව්ස් පේපර්” චිත්‍රපටය The IndieFEST Film කමිටුවේ ඇගයීමට ලක් විය.

“ද නිව්ස් පේපර්” චිත්‍රපටය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයකි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරු සම-නිෂ්පාදකයෝ වෙති.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී