නවතම පුවත්

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයන් 2ක් අත්අඩංගුවට

අසංක

අසංක

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙක් ඇතුළු 131 දෙනෙක් අද (10) වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂකයින් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික සමගි ජනබලවේගය අපේක්ෂකයන් දෙදෙනෙකි.

පොලිස් මැතිවරණ අංශ තොරතුරු සදහන් කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුළියාපිටිය බිංගිරියේදී බවයි.

ජාතික සමගි ජනබලවේගයේ අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේදී ය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්දයෙන් අද (10) අළුයම 6.00 වන විට පොලීසියට ලැබී තිබුණු පැමිණිලි ගණන 121 කි.

ඒ අතර වැඩියෙන්ම ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි වේ.

මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි ඇත්තේ 30 ක් පමණක් බව වාර්තා වී ඇත.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාහන 39 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අතර නැගෙනහිර පළාත් සභාවට අයත් කැබ් රථයක්ද වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී