නවතම පුවත්

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳට පැනයන්න සහය වූ පොලිස් සැකකරු අලුත් තොරතුරු වමාරයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දුමරුදු පිපුරුම සිදුවූ නිවසේ සිට පොලිස් නිලධාරියෙකුගේ සහයෙන් පළාගිය කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ වූ සාරා නැමැති කාන්තාව ඉන්දියාවට පළාගොස් ඇත්තේ මාස හතරක කාලයක් මඩකලපුවේ රැදී සිටීමෙන් පසුව බව විමර්ශකයන්ට අනාවරණය වෙයි.

ඇය දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි කාන්තාවකි.

එම කාන්තාව කලවංචිකුඩි ප්‍රදේශයේ නිවාස හතරක මාරුවෙන් මාරුවට රැදී සිට ඇත.

සයින්දුමරුදු නිවසේ පිපුරුමෙන් මිය ගිය අය අතර ඇගේ නමත් සටහන් වී තිබීම නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කිසිදු පොලිස් විමර්ශන අංශයක් ඇය සම්බන්ධයෙන් සොයා බැලීමක් කර නැත.

ඇය මඩකලපුවේ රැදී සිට ඇති බවත් ඇයට පැන යන්නට ආරක්ෂාව සපයා ඇත්තේ පොලිස් නිලධාරියෙක් බවටත් කරුණු හෙළිවී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්ටය.

ඒ බව සාක්ෂි සහිතව කරුණු හෙළිකරගත් එම පොලිස් ඒකකයේ නිලධාරීන් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඒ බව දැනුම්දීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පෙරේදා (13) එම පොලිස් නිලධාරියාව කල්මුණේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වන ඔහු සහරාන්ගේ අන්තවාදී කල්ලියේ ප්‍රබලයෙක් වන ආමි මොහිදින් නැමැත්තාගේ ඥාතියෙක් බවටද විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රශ්න කිරීම් හමුවේ මේ වන විට මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු අනාවරණය කරමින් ඇති බවත් වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්