නවතම පුවත්

සේවක සේවිකාවන්ගේ රැකවරණය වෙනුවෙන් Fab වෙතින් විශේෂ වැඩපිළිවෙළක්

අසංක

අසංක

කොරෝනා වසංගත ව්‍යාප්තිය පවතින මෙම දුෂ්කර සමය තුල සිය සේවක සේවිකාවන්ගේ රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ෆැබ් ආහාර ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇත.

මේ යටතේ සේවක සේවිකාවන්ට රැකවරණ පැකේජ ලබාදීමටත් ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමටත් එම ආයතන කටයුතු කර ඇත.

එසේම සියලුම වැටුප්, කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදීමට මෙන්ම , අතිකාල, උත්සව අත්තිකාරම් ඇතුළු දීමනා හා ගෙවීම් උපරිමයෙන් ලබාදීමට ද ෆැබ් ආයතනය පියවර ගෙන ඇත

පසුගිය මාර්තු මස සිටම , නිවසේ සිටි සේවක සේවිකාවන්ටද ඔවුන්ගේ . මුළු වැටුපම අදාළ ගිණුම්වලට බැරකර ඇති අතර අතිකාල හා අනෙකුත් දීමනා ද එකතුකොට ඇත.. කොවිඩ්-19 වසංගතය නිසා පැනවුනු කොන්දේසි අනුව ෆැබ් ආයතනය මුළු මාසයක් පුරා වසාදමා තිබුණ ද අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීම ද මේ ආකාරයෙන්ම සිදුවිය.
කළමනාකරණ අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා සහ ෆැබ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් ගෙන ඇති මෙම පියවරයන් , පිළිබඳව සේවක සේවිකාවන් තම කෘතවේදීත්වය පළකර ඇත

මානව සම්පත් කළමනාකරු ජනිත් පල්ලෙගෙදර මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය
” විශාල සමාගම් සේවකයින් ඉවත් කරද්දී වැටුප් කප්පාදු කරද්දී හෝ අවම වැටුප් ගෙවද්දී අප ආයතනයට මෙවැනි පියවරක් ගැනීමට හැකිවූයේ අන් අය ගැන හිතන මානුෂික නායකත්වය නිසායි . එබැවින් අප්‍රේල් මාසය අවසානයේ ෆැබ් ආයතනය යළි විවෘත කළ පසු සේවක කණ්ඩායම ඔවුන්ගේ නව නිර්මාණාත්මක මෙවලම් ද සමග කිසිදු පැකිලීමකින් තොරව එක්සත්ව සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් දින කිහිපයක් ඇතුලත ආයතනයේ මෙහෙයුම් පෙර තත්වයට තත්ත්වයට පත්කලා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි