නවතම පුවත්

“මෙරටට ආ අල්කයිඩා ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගන්න එපා කිව්වේ පොලිස්පති” – නාලක සිල්වා

අසංක

අසංක

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක් 2018 වසරේදී මෙරටට පැමිණි මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනිමට සූදානම් වූ විට අත්අඩංගුවට නොගන්නැයි එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියකු වූ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අනාවරණය කළේ ය.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම හමුවේයි.

එම නියෝගය පූජිත් ජයසුන්දර මහතා තමන්ට ලබාදුන්නේ ලිඛිතව බවද කොමිසම හමුවේ ඔහු කීය.

මො‍හොමඩ්රිම්සාන් නැමැති එම අල්කයිඩා ත්‍රස්ත සාමාජිකයා මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොලේදී ප්‍රශ්න කිරීමකට ලක් කර ඇත.

ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්ද කළ බවත් නාලකද සිල්වා මහතා සදහන් කළේය.

එම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සම්පත් කුමාර තමා අමතා එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසත් රාජ්‍ය බුද්ධි සේවය ඔහු විමර්ශනයක් පවත්වන බවත් තමාට සදහන් කළ බවද ඔහු සාක්ෂි දුනි.

එම ත්‍රස්ත සැකකරුගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බව ඒ අවස්තාවේදී තමා ඔහුට දැනුම් දුන් බවද නාලකද සිල්වා මහතා සදහන් කළේය. ඒ වන විට අයි.එස්. සහ අල්කයිඩා සංවිධාන පසු බැසීමකට ලක්ව සිටි බැවින් ඔහු මෙරටට පැමිණිම ගැටළුවක් වූ බවද නාලකද සිල්වා මහතා කොමිසම හමුවේ පැවැසීය.

එම පුද්ගලයාට කිසිදු කරදරයක් නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාර මහතා තමාගෙන් ඉල්ලා සිටි බවද නාලකද සිල්වා මහතා සදහන් කළේය.

එම පුද්ගලයා සම්බන්දයෙන් විමර්ශනයක් නොකර සිටීමට නම් එය ලිඛිතව තමාට අවශ්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාර මහතාට තමා දැනුම් දුන් බවත් ඒ අනුව එම ලිඛිත දැනුම් දීම ඔහුගෙන් මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි