නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට දින 2කට කලින් රා. බුද්ධි සේවා අධ්‍යක්ෂගෙන් කැළඹුණු හඬින් ඇමතුමක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි දීමට පැමිණි පොලිස් විශේෂ කාර්යය බලකායේ වත්මන් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත කොමිසම විශේෂ ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

එය ඉදිරිපත් කරමින් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ 2018 ඔක්තෝම්බර් මාසයේ සිට 2019 මැයි මාසය දක්වා නැගෙනහිර ප්‍රදේශය තුළ පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි නිලධාරින් රාජකාරි සදහා යොදවා තිබුණේද යන්නයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ වරුණ ජයසුන්දර මහතාය.

ඊට පිළිතුරු දෙමින් ඔහු කීවේ තමන් පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස සිටි කාල පරාසය තුළ නැගෙනහිර ප්‍රදේශය තුළ වර්ධනය වෙමින් තිබු අන්තවාදය නිසාම කලවන්චිකුඩි සහ ආරුගම්බේ ප්‍රදේශ වල විශේෂ කදවුරු දෙකක් පිහිටුවා බුද්ධි නිලධාරින් 13 දෙනෙකු පමණ එම ප්‍රදේශයට යොදවා තිබු බවයි.

කෙසේ වෙතත් 2018 ඔක්තෝම්බර් මාසය පමණ වන විට එවකට පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි එම්.ආර් ලතීෆ් මහතා විසින් එම නිලධාරින් බුද්ධි රාජකාරි වලින් ඉවත් කර එම බුද්ධි කදවුරු දෙක සම්පුර්ණෙන්ම අක්‍රීය කර තිබු බව වරුණ ජයසුන්දර මහතා සාක්ෂිදෙමින් සදහන් කළේය.

එබැවින් 2018 ඔක්තෝම්බර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ල වන කාලවකවානුව දක්වා පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි නිලධාරින් නැගෙනහිර ප්‍රදේශයේ ආවේශන රාජකාරි වල නිරතව නොමැති බැවින් එම ප්‍රදේශයෙන් සතිපතා බුද්ධි තොරතුරු වාර්ථාවීමක් සිදුව නොමැති බව වරුණ ජයසුන්දර මහතා පැවසීය

තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවක් ලැබීමට පෙර පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටි කාලවකවානුවේද මෙලෙස වරින් වර බුද්ධි නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබු බව ජයසුන්දර මහතා අනාවරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිටියදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට
2018 ජුලි මස 09 දින ලබාගත් විවෘත වරෙන්තුවෙන් පසු 08 වරක් පමණ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ඔහු කීය.

හෙතෙම පැවසුවේ කාන්තන්කුඩිය, අක්කරෛයිපත්තුව ආදි ප්‍රදේශ ආශ්‍රීතව සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

කෙසේ වෙතත් ඉකුත් වසරේ පෙබරවාරි මස 28 වන දින සහරාන් හෂිම් සොයා කැකුණුගොල්ල පිහිටි සහරාන් හෂීම්ගේ බිරිදගේ නිවසට ගිය අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් එම විමර්ශනයේ නිරත වන බැවින් එයින් ඉවත්වන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබු බව වරුණ ජයසුන්දර මහතා අනාවරණය කළේය.

සහරාන් හෂිම්ව අත්අඩංගුවට ගැනීම්ට වරෙන්තුවක් ලබාගෙන තිබු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එම විමර්ශනයේ දිගටම යෙදීමේ බලයක් තිබුණද ශ්‍රී ලංකා පොලිසියේ ඇති ප්‍රමුඛතම විමර්ශන අංශය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බැවින් තම කණ්ඩායම සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් ඉවත් වු බව ඔහු සාක්ෂි දෙමින් කීය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට සාක්ෂිකරු සහභාගි වුයේද යන්නයි.

තමන් වෙනත් රාජකාරියක් සදහා එදින ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් සිටි අතර එහිදි එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තමන්වද එම රැස්වීමට කැදවාගෙන ගිය බව වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය.

තමන් මීට පෙර කිසිදු අවස්ථාවක එම රැස්වීමට සහභාගි වී නොතිබුණ බව සදහන් කළ වරුණ ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ එම රැස්වීමෙදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහරාන් හෂීම් පිළිබද අන්අයගේ අවධානය යොමු කිරීමට දැඩි උත්සහයක් ගත් බවයි.

එහිදි සහරාන් හෂිම් දරුණු තර්ජනයක් බව පෙන්වා දෙමින් නිලන්ත ජයවර්ධන විසින් දිර්ඝ විස්තරයක් සිදු කළද, ඒ වන විටත් ඔහුට ලැබී තිබු ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ ලිපිය පිළිබද එකදු වචනයක් හෝ කතා නොකළ බව වරුණ ජයසුන්දර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සියළු නිලධාරින් රැස්ව සිටි එම රැස්වීමෙදි බුද්ධි තොරතුර සාකච්ඡාවට බදුන් කළේ නම් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛව එකාබද්ධ මෙහෙයුම් සැලැස්මක් සකස් කර මෙම ත්‍රස්ත ප්‍රහාරය වැලැක්වීමට අනිවාර්යය හැකියාවක් තිබු බව ජයසුන්දර මහතා කොමිසමට පැහැදිලි කර තිබුණි.

අප්‍රේල් මස 10 වන දින පාස්කු ප්‍රහාරය පිළිබද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ලද අවස්ථාවේ ඔහු ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ය.

තමන් එම අවස්ථාවේදිම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයා කැදවා ලිඛිතව අනුගමනය කළ යුතු උපදෙස් ලබාදුන් බව ඔහු කීය.

එමෙන්ම හලාවත ප්‍රදේශයේ බුද්ධි නිලධාරියෙකු ලවා වනාතවිල්ලුව ප්‍රදේශයේ සහරාන් රැදී සිටින්නේද යන්න සොයා බැලි බවද සාක්ෂිකරු පැවසීය.

එසේම සහරාන් හෂිම්ගේ ෆේස්බුක් ගිණුම අවහිර කරන ලෙස ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කළ බවත් අප්‍රේල් මස 15 දින වන විට එය අවහිර කරවා ගැනීමට තමන්ට හැකිවු බවත් සාක්ෂිකරු අනාවරණය කර තිබුණි.

කෙසේ වෙතත් අනතුරුව පාස්කු ප්‍රහාරය එල්ල වීමට දින දෙකකට පෙර එනම් අප්‍රේල් මස 19 දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කැළඹුනු ස්වරූපයකින් තමන්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බව සාක්ෂිරු හෙළිදරව් කළේය.

එහිදි ” වරුණ කාන්තන්කුඩියේ සිදුවීමක් වෙලා දන්නවාද, පොලිසිය කියන්නේ එක අකුණක් කියලා. එත් එක අකුණක් වෙන්න බැහැ. එක පිපිරීමක් යනුවෙන් ” නිලන්ත ජයවර්ධන මහතා පැවසු බවද සාක්ෂිකරු කියා සිටියේය.

එසේම ” මල්ලි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු Attack එකක් කරන්න යන්නේ ” යනුවෙන් පැවසීම හරහා නිලන්ත ජයවර්ධන දැඩි පීඩනයකින් පසුවු බව තමන්ට හැගී ගිය බවද වරුණ ජයසුන්දර මහතා හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් එම තොරතුරේ තිබු සංකීර්ණභාවය වටහා ගත් තමන් ” සර් මට ජනාධිපතිගෙන් අවසර අරන් දෙන්න. ඔබතුමාට පුළුවන්නම් මට STF කණ්ඩායමක් අරන් දෙන්න, මම සහරාන්ව අඩපණ කරන්නම් ” යනුවෙන් ඉල්ලීමක් කළද එයට පිළිතුරක් නොලැබුණු බව ජයසුන්දර මහතා පැවසුවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි