නවතම පුවත්

අතිසාර්ථකව ක්‍රියාත්මක වන SLIIT මාර්ගගත (online) විභාග

අසංක

අසංක

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මාර්ගගත (online) විභාග සාර්ථකව පවත්වන ලදී.

පරිගණක, ඉංජිනේරු, ව්‍යාපාර, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨ, උපාධි අධ්‍යයන හා පර්යේෂණ, වාස්තු විද්‍යා, නීති, ආගන්තුක සත්කාර සහ සූපශාස්ත්‍රය යන පීඨයන්හී සිසුන් මෙම ඔන්ලයින් විභාග වලට සහභාගී වූහ.

සියළුම පීඨ වලින් 95% කට වැඩි සිසු සිසුවියන් පිරිසක් අන්තර්ජාලය හරහා පවත්වනු ලබන විභාග සඳහා පෙනී සිටි අතර, SLIIT ආයතනයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, මෙතරම් විශාල සංඛ්‍යාවක් විභාග ප්‍රශ්න පත්‍ර සඳහා අන්තර්ජාලයෙන් උත්තර සැපයීම මිට පෙර මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු නොවු බවයි.

බහුවරණ, කෙටි පිළිතුරු සහ දිගු ප්‍රශ්න පත්‍ර ලෙස මෙම විභාග පැවැත්වූ අතර දිගු ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු, කඩදාසියක ලියා එය ස්කෑන් කර SLIIT වෙබ් සේවාදායකයේ උඩුගත කිරීමට සිසුන්ට හැකි වූ බව රාජපක්ෂ මහතා කියා සිටී. අනෙකුත් වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කරන මෙවලම් සහ වෙනත් ක්‍රම භාවිතා කොට විභාගවල අඛණ්ඩතාව සහතික කිරීම සඳහා පියවර ගත් අතර, කැපවීම සහ නියමිත වේලාවට අධ්‍යයන වාරය සම්පූර්ණ කිරීම වෙනුවෙන් සිය කාර්යමණ්ඩලයට ප්‍රශංසා කල යුතු බවද මහාචාර්යවරයා පවසයි.

සති 3 ක කාලයක් පුරා පවත්වන ලද විභාගයේදී සෑම සිසුවෙකුම විෂයයන් 4-6 අතර ප්‍රමාණයකට පෙනි සිටියහ. විශ්වවිද්‍යාලය විසින් සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්‍ර 319 ක් සඳහා සිසුන් 46,971ක් ලියාපදිංචි වු අතර විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 44,611 ක් විය.

මාර්ගගත දේශන සහ විභාග පැවැත්වීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් කිරීමට SLIIT ආයතනයට සිදුවුවද, සිසුන්ට විශිෂ්ඨ ඉගෙනුම් අත්දැකීම් ලබා දීම සඳහා තවත් බොහෝ දේ ක්‍රියාවට නැංවීම නියෝජ්‍ය උපකුලපතිවරයාගේ අපේක්ෂාවයි.

‘‘මෙවැනි ක්‍රමවේදයක් දේශීයව සිදු කල ප්‍රථම අවස්ථාව මෙය නිසා මෙවන් කර්තව්‍යයක් බාරගන්නා ඕනෑම ආයතනයකට මෙන් අප තුළත් යම් චකිතයක් ඇති වුනා. නවීන මාර්ගගත මෙවලම් සහිත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්ට පවා එවැනි අභියෝගයන්ට මුහුණ දීමට සිදු වීම සත්‍යයක්’’ බව ඔහු සඳහන් කරයි.

ඇතැම් විභාග සඳහා සිසු සහභාගීත්වය 100%ක් වූ අතර, ආයතනය විසින් පවත්වන ලද විභාග 300යෙහි එකදු තාක්ෂණික දෝෂයක්වත් නොතිබූ බවත්, විදුලි ඇණහිටිම් සහ වෙනත් සම්බන්ධතා ගැටළු සහිත සිසුන් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නද සැලකිල්ලට ගනිමින් විභාග පද්ධතිය සකස් කල බව රාජපක්ෂ මහතා තවදුරටත් අනාවරණය කළේය. විභාගවලට පෙනී සිටීමට නොහැකි සිසුන්ට ඒවා සම්පූර්ණ කිරීමට තවත් අවස්ථාවක් ලබා දීම විශ්ව විද්‍යාලයේ බලාපොරොත්තුවයි.

මාර්ගගත විභාග සඳහා සූදානම් වීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම පහසු කාර්යක් නොවන බව සිහිපත් කළ රාජපක්ෂ මහතා, බොහෝ විභාගවලට වාචික පරික්ෂණ තිබූ හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට අන්තර්ජාලය හරහා ඒවා පැවැත්වීමේදී විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු වූ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

තොරතුරු තාක්ෂණ ආයතනයේ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසන්නේ අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීම තුළින් ආයතනය මිල කළ නොහැකි තරම් දැනුම් හා අත්දැකීම් සම්භාරයක් ලබා ඇති බවයි. සරසවි දොරටු සිය ශිෂ්‍ය ප්‍රජාවට විවෘත කිරීමට SLIIT ආයතනය මඟ බලා සිටියද, මාර්ගගත අධ්‍යාපනයේදී ඔවුන් ලබාගත් අත්දැකීම් අනාගතයේ ඵලදායි ලෙස භාවිතා කිරීමටද සැලසුම් යොදා ඇති බව ගමගේ මහතා කියා සිටී. ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඇති හැකියාව SLIIT ආයතනය දැනටමත් තහවුරු කර ඇති අතර ඔවුන් සතු විශේෂඥ දැනුම යොදා ගනිමින් සමාජයේ වැඩි පිරිසකට පාඨමාලා සැකසීමට ඉදිරියේදි අපේක්ෂා කරන බවද උපකුලපතිවරයා අවධාරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි