නවතම පුවත්

ලෝක තරුණ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අංක 03 පිතිකරන ස්ථානයට කුසල් මෙන්ඩිස්

අසංක

අසංක

ලෝප්‍රකට විස්ඩන් සඟරාව විසින් පසුගියදා නම්කළ ලෝක තරුණ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අංක 03 පිතිකරණ ස්ථානයට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නැගී එන පිතිකරු කුසල් මෙන්ඩිස් නම්කර ඇත.

මෙම ලෝක ටෙස්ට් කණ්ඩායම නම්කර ඇත්තේ මේ වනවිට ලෝක ටෙස්ට් පිටියේ ඉහළ දක්ෂතා දක්වන, වයස අවුරුදු 25 ට අඩු තරුණ ක්‍රීඩකයන්ය.

විස්ඩන් සඟරාව නම්කළ තරුණ ටෙස්ට් කණ්ඩායමේ අංක 03 සඳහා මෙන්ඩිස් තෝරා ගැනීමේදී ඔහු විසින් පසුගිය කාලයේදී රැස්කළ සුවිශේෂ ඉනිම් කිහිපයක් පිළිබඳව අවධානය යොමුකර ඇති අතර ශ්‍රී ලංකාව පළමු වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලිය ජයග්‍රහණයක් ලැබූ ටෙස්ට් තරගාවලියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලැබූ ලකුණු 176 මෙන්ම නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා නොදැවී ලබාගත් ලකුණු 141 පිළිබඳව විස්ඩන් සඟරාව විශේෂයෙන් සඳහන් කර ඇත .
මීට අමතරව දකුණු අප්‍රිකාව එරට තුළදීම පරාජය කළ තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී නොදැවී ලබාගත් ලකුණු 84 පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

මෙම ලෝක තරුණ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පකිස්තානයේ බාබර් අසාම්ට හිමිව ඇති අතර කඩුලු රකින්නා ලෙස ඉන්දියාවේ රිෂාබ් පන්ට් තෝරාගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ටෙස්ට් පිටියේ ප්‍රබලයන් වන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවලින් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන්ද කිසිදු ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත්ව නොමැති වීමයි.
විස්ඩන් සඟරාව විසින් නම්කළ ලෝක තරුණ කණ්ඩායම මෙසේය

ඒඩ්න් මාක්‍රම් (දකුණු අප්‍රිකාව)
ඩොම් සිබ්ලි (එංගලන්තය)
කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)
බාබර් අසාම් (පකිස්තානය)
ඔලී පෝප් (එංගලන්තය)
රිෂාබ් පන්ට් (ඉන්දියාව)
සෑම් කරන් (එංගලන්තය)
රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්ථානය)
ජොෆ්රා ආචර් (එංගලන්තය)
කාගියෝ රබාඩා (දකුණු අප්‍රිකාව)
ශහීන් ෂා අෆ්රිඩි (පකිස්තානය)

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි