නවතම පුවත්

දේශගුණික හා ආපදා අවදානම් හුවමාරු ජාතික ප්‍රතිපත්ති වැඩමුළුව අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්ලයිකැන් භාරය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ දේශගුණික හා ආපදා අවදානම් හුවමාරුව, ජාතික ප්‍රතිපත්ති සමග ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාල ප්‍රවේශය හඳුනා ගැනීමේ ජාතික ප්‍රතිපත්ති වැඩමුළුවක් අද (23) උදෑසන 9.30 සිට දහවල් 1 දක්වා සූම් (ZOOM) අන්තර්ජාල සජීවිකරණය හරහා පැවැත්වෙනු ඇත.

රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, අධ්‍යන අංශ සහ වෙනත් අදාළ ආයතනවල විශේෂඥ කථිකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම ජාතික වැඩමුළුව සංවිධානය කර තිබේ.
දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් නිරන්තරයෙන් තීව්‍ර වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය අඩපණ වීමට එමගින් බලපෑම් ඇතිකරයි. විශේෂයෙන් කෘෂිකාර්මික අංශය නියඟය, ගංවතුර සහ දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වේ.
බෝග රක්ෂණය වැනි අවදානම් හුවමාරු අවස්ථා මගින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කළ හැකි අතර ජීවිත, ජීවනෝපායන්, ව්‍යාපාර, යටිතල පහසුකම් සහ රාජ්‍ය මූල්‍ය ආරක්ෂා කිරීමට උපකාරී වේ.
ප්‍රතිපත්ති මට්ටම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් විසින් කෘෂිකාර්මික අවදානම් හුවමාරුව, මූල්‍ය ප්‍රතිපත්ති, පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන්, තිරසාර සංවර්ධන ඉලක්ක සහ ආපදා අවදානම් අවම කිරීම සඳහා වන සෙන්ඩායි රාමුව සහ ඉන්පසු රැස්වීම් සඳහා කඩිනම් සැසි සාකච්ඡා කරනු ඇත.
දේශගුණික හා ආපදා අවදානම් මූල්‍ය හා රක්ෂණ පිළිබඳව බහු පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම වැඩමුළුව පැවැත්වේ. ඉන්සියුරෙසිලියන්ස් (InsuResilience) ගෝලීය හවුල්කාරිත්වය තුළ ස්ලයිකාන් භාරය, ක්‍රිසලිස් (Chrysalis) , ජර්මානු ආර්ථික සහයෝගිතා හා සංවර්ධන අමාත්‍යාංශය (BMZ) ඊට දායත්වය ලබාදෙයි.
සූම් අන්තර්ජාල සජීවීකරණ ඔස්සේ මෙම ජාතික වැඩමුළුවට එක්වීමට ඔබටත් අවස්ථාවක් තිබේ. ඊට අදාල
ලියාපදිංචි වීමේ තොරතුරු [email protected] වෙත විද්‍යුත් තැපෑලක් ඔස්සේ ලබාගත හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්