නවතම පුවත්

සියලු රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කෙරේ

අසංක

අසංක

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ සියලු වැටුප් විෂමතා ජාතික වැටුප් කොමිසමට යොමුකෙරෙනු ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය 6 ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ඊට අදාළව ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල්වලින් මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයට “රාජ්‍ය සේවකයින් සඳහා වන විශේෂිත වාට්ටු සංකීර්ණ” ඇති කිරීමට සැළැස්මක් සකස් කිරීමට ඊයේ (22) පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්