නවතම පුවත්

හූස්ටන්හි චීන කොන්සල් කාර්‍යාලය අක්‍රිය වන අමෙරිකානු තීරණයට විරෝධයක්

අසංක

අසංක

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතාදැමීමට අමෙරිකාව ගෙන ඇති තීරණය, චීනයේ රාජ්‍ය මාධ්‍ය විසින් බරපතල ලෙස විවේචනය කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පීපල්ස් ඬේලි පුවත්පත විසින් පවත්වාගෙන යනු ලබන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන්නේ, නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වොෂිංටනය උමතු කරවා ඇති බවය.

එසේම නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ලබන අසාර්ථකත්වය වෙනුවෙන් චීනයට දොස් පැවරීමට ඇමෙරිකාව උත්සාහ දරන බවද මෙම පුවත්පත සඳහන් කර ඇත.

අද දිනයේ චීනයේ ප‍්‍රධාන පුවත්පත් සියල්ලෙහිම පාහේ ප‍්‍රධාන සිරස්තල වී තිබුණේ අමෙරිකාව සමග හටගෙන ඇති මෙම උණුසුම් තත්ත්වය වන අතර අමෙරිකාව ගෙන ඇති මෙම පියවර, ලෝක වේදිකාව මත චීනය දුෂ්ට නළුවෙකු ලෙස පින්තාරු කිරීමට ගන්නා උත්සාහයේ නව සූදුවක් ලෙස චයිනා ඬේලි පුවත්පත විග‍්‍රහ කර ඇත.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයේදී සිය ප‍්‍රතිවාදියාට වඩා පසුගාමීව සිටින බව මෙම පියවරෙන් පැහැදිලි වන බව ද එම පුවත්පත සඳහන් කර ඇත.

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතා දමන ලෙස අමෙරිකාව චීනයට නියෝග කළේ ඊයේ (22) දිනයේදීයි.

නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් චීන කොන්සල් කාර්යයාල භූමියේදී ලියකියවිලි පුළුස්සා දමන ආකාරය නිරීක්ෂණය වීමත් සමග අමෙරිකාව එම පියවර ගෙන තිබෙ. අමෙරිකානු බුද්ධිමය දේපළ හා අමෙරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණින් එම නියෝගය ලබා දුන් බව අමෙරිකාව පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි