නවතම පුවත්

ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් පසු හම්බන්තොට වරාය පළමු නාවික කාර්‍ය මණ්ඩල හුවමාරුව සිදුකරයි

අසංක

අසංක

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට අඟුලු දැමීමෙන් අනතුරුව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය ප්‍රථම නාවික කාර්ය මණ්ඩල හුවමාරුව දැඩි ප්‍රමිතින්ට හා ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව පසුගියදා සිදු කරන ලදි .

හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ ‘එස්.සී.එෆ් සයන්’ නෞකාවේ සේවය සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය රැගත් රුසියානු ගුවන් යානයක් පසුගියදා මත්තල ගුවන් තොටුපළට පැමිණි අතර එම කණ්ඩායම ගුවන් තොටුපලේ සිට වරාය වෙත සෘජුව ප්‍රවාහනය කරන ලදි.

මෙයට පෙර යාත්‍රාවේ අලුත්වැඩියා කටයුතු සඳහා ඩෙන්මාර්කයේ සිට පැමිණි සේවා ඉංජිනේරුවන් සේම, මෙම කණ්ඩායම ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණයට ලක් විය.

හුවමාරුව සඳහා මෙරටට පැමිණෙන කාර්යමණ්ඩල, නාවික අධීක්ෂණයට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවා හා ගුවන්තොටුපල අධිකාරිය යන ආයතන විසින් සෞඛ්‍ය තත්ව සහතික ලබා ගත යුතු වේ.

හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළට සමීපව පිහිටීම මෙම ක්‍රියාවලිය ඉතා පහසුව සහ බාධාවකින් තොරව සිදු කිරීමට උපකාරි විය.

නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු නාවික හමුදා අධීක්ෂණය යටතේ ‘එස්.සී.එෆ් සයන්’ නෞකාවට පිවිසි අතර, සේවය අවසන් කල කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු නෞකාවෙන් පිටත් වී, රුසියාව බලා ගමන් කිරීම පිණිස නැවත මත්තල ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කරන ලදි.

‘එස්.සී.එෆ් සයන්’ නෞකාවට පිවිසීම සඳහා පැමිණි කාර්ය මණ්ඩලය සඳහා ගුවන්යානාවට නැඟීමට පැය 72කට පෙර පිසීආර් පරික්ෂණ සිදු කළ අතර, ගුවන්යානය මත්තල ගුවන්තොටුපොලට සේන්දු වීමට පෙර එම සියළුම වාර්තා වරාය සෞඛ්‍ය නිලධාරින්ගේ අධීක්ෂණයට ලක් විය.

සියළුම පි.සි.ආර් වාර්තා සෘණාත්මක වීම හේතුවෙන් වරායට ඇතුල් විමේදී පි.සි.ආර් පරීක්ෂණ අවශ්‍ය නොවූ බැවින් ප්‍රවේශවීම සඳහා අනුමැතිය ලබා දෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අධ්‍යක්ෂ විසිනි.

කාර්ය මණ්ඩල හුවමාරු වීම් සම්බන්ධීකරණය කළ නැව් නියෝජිතයින් වන ඇක්‍රස් ෂිපිං (Acrus Shipping) (පුද්ගලික) සමාගම ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යමින් රජයේ රෙගුලාසි වලට අනුව දැඩි සනීපාරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කළේය. හුවමාරුවිම්හී යෙදෙන රියදුරන් ඇතුළු නැව් කාර්යමණ්ඩල සමඟ කටයුතු කරන සියලුම වරාය සහ නැව් නියෝජිතයින් ආරක්ෂිත ආම්පන්න වලින් සැරසී සෞඛ්‍යාරක්ෂිතව සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කළේය.

නෞකාවේ සේවය කිරීම සඳහා නැව් නැඟි සහ නැවෙන් පිට වූ කාර්යමණ්ඩලයන්, මෙරට කාර්යමණ්ඩලයන් සමඟ අවම සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කිරීමද විශේෂත්වයකි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්